පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ ධීවරයින්ට ඉන්ධන ලබාදීමට වැඩ පිළිවෙලක් - ධීවර අමාත්‍ය

    මැයි 31, 2022

    යාපනය දිස්ත්‍රික්කය ඇතුළු සමස්ත උතුරු පළාතේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන් සඳහා භූමිතෙල් ඇතුලු ඉන්ධන ලබාදීම සදහා වැඩ පිළිවෙලක් සකස් කිරීමට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සදහා වු විශේෂ සාකඡ්චාවක් ධීවර අමත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ අමාත්‍ය සම්බන්ධීකරණ කාර්යාලයෙ දී (26 දින) පැවැත්විණි.

    මෙහිදි උතුරේ සිටින සුළුපන්න ධීවරයන් හා බහු දින ධීවර යාත්‍රාවලට ඉන්ධන ලබාගැනීමේ දී බූලිවලට ඉන්ධන ලබා නොදීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් ධීවර කාර්මිකයාට ජීවත්වීමට පවා නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ධීවර සංගම් නියෝජිතයින් අමාත්‍යවරයාට පැවසීය.

    මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා ධීවර කාර්මිකයකු හා බෝට්ටු හිමිකරුවකු ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව සිටින සියලු දෙනාට ඉන්ධන ලබා දීමට වැඩ පිළිවෙලක් සකස් කරමින් තිබෙන බවත් එසේ ලියාපදිංචි නාම ලේඛණයන්ට අනුව අදාළ ප්‍රදේශයේ ඉන්ධන හල් වලින් ඉන්ධන ලබාදීමට අවශ්‍ය දැනුවත් කිරීම සිදුකරන ලෙසත් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

    මේ අවස්ථාවට ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා උතුරු පළාත් ඛණිඡතෙල් නීති ගත සංස්ථාවේ නිලධාරීන් මෙන්ම ධීවර සංගම් නියෝජිතයින්ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya