යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිතඅති පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන් වහන්සේ දැනුවත් කිරීම අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණඅමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30 ) රාජගිරිය කළපළුවාව ගෝතම තපෝවන විහාරස්ථානයේදී සිදුකෙරිණි.
වර්තමානය වන විට රට තුළ පවතින දේශපාලන වාතාවරණය හා යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව අධිකරණඅමාත්‍යවරයා අති පූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ දැනුවත් කරන ලදී.
එහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ රටේ ආර්ථිකය ගොඩනැංවීමට දේශපාලනික ස්ථාවරත්වය අත්‍යවශ්‍යම වන බැවින් 21 වනආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගෙන ඒමට කටයුතු කරන බවයි.
ස්වාධින කොමිෂන් සභා බල ගැන්වීම, 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අහෝසි කරන ලද ප්‍රසම්පාදන කොමිෂන් සභාව හා විගණන කොමිෂන් සභාව යළිඇති කිරීමට මේ තුලින් යෝජනා කර ඇති බවත්, පැවති දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් රටේ ආර්ථිකය බිද වැටීණු බවත්, අමාත්‍යවරයා එහිදීපැහැදිළි කළේය.
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයක් ලබා ගැනීමට නොහැකි වන ආකාරයේ සංශෝධනයක් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පතට ඇතුළත් කර ඇති බවත්, ජනතා හිතවාදීව ගෙන එන මෙම පනත් කෙටුම්පත සදහා මහජන නියෝජිතයින්ට විරුද්ධ විය නොහැකි බවත්, හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම මෙම පනත් කෙටුම්පත ලබන සදුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම සදහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඉදිරි දින කිහිපය තුළදී පනත්කෙටුම්පත සම්බන්ධයෙන් අති පූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, සර්ව ආගමික නායකයින්, දේශපාලන පක්ෂ නායකයින්, සිවිල් සංවිධානනියෝජිතයින් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
ජනමත විචාරණයකට නොයන පරිදි යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවත්, තවද ඉදිරියේදී නවව්‍යවස්ථාවක් සකස් කිරීමේදී පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර එය සිදු කළ යුතු බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මෙහිදී අනුශාසනාවක් සිදු කළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායකස්වාමීන් වහන්සේ සදහන් කළේ රට තුළ පවතින ආර්ථික තත්වය හමුවේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි.
මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු සදහා උගතුන්ගේ හා විද්වතුන්ගේ අදහස් ලබා ගැනීම සුදුසු බවත්, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේප්‍රසාදය යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වෙනුවෙන් ලබා දෙන බවත් උන් වහන්සේ සදහන් කළහ.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ පාර්ශ්ව 22 ක් පවතින බැවින් එම පාර්ශ්ව නියෝජනය කරනු ලබන මහා සංඝ රත්නය මේ පිළිබදව දැනුවත් කරන බවද උන්වහන්සේ පැවසීය.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ලේඛකාධිකාරී අති පූජ්‍ය ආචාර්ය පල්ලේකන්දේ රතනසාර ස්වාමීන් වහන්සේ ද මෙහිදී අදහස් පළ කළහ.