පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    දිවයිනේ පවතින වැසි සහ සුළං තත්වයේ තරමක වැඩිවීමක්

    මැයි 30, 2022

    අද (30) දින සහ ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ පවතින වැසි සහ සුළං තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුව සහ ම්‍යධම පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති විය හැකි බවත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වඩා තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
    එහෙයින් නායයාම් අවදානම් කළාපවල ජිවත් වන ජනතාව මේ පිළිබද අවධානය යොමු කළ යුතු බවත් නායයාම් අවදානම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් හැකි ඉක්මනින් ඒ පිළිබද අදාල ආයතන දැනුවත් කිරීමටත් එම ස්ථාන වලින් බැහැරව ආරක්ෂිත ස්ථාන කරා යාමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනු ලැබේ.

    එසේම අකුණු අනතුරුවලින් සිදුවිය හැකි හානි වළක්වා ගැනීමටත් සුළං තත්වය නිසා සිදුවිය හැකි හානි අවම කරගැනීමටත් කටයුතු කරන මෙන් ජනතාවට දැනුම් දී ඇත. එසේම මෙම කාල සීමාව තුළ සිදු විය හැකි අවදානම් තත්වය පිළිබදව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නිවේදන පිළිබදව අවධානය යොමු කරන ලෙසත් වැඩි විස්තර දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya