පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    විදේශ ආයෝජකයින් සඳහා දිගුකාලීන නේවාසික වීසා වැඩසටහනක්

    මැයි 31, 2022

     ගෝල්ඩන් පැරඩයිස් වීසා ක්‍රමය හරහා පාරාදීස දූපතක දිගුකාලීන අත්දැකීමක් භුක්ති විඳින්න.

     ගෝල්ඩන් පැරඩයිස් නේවාසික වීසා” වැඩසටහන - ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න, ජීවත් වන්න සහ අධ්‍යයනය කරන්න.

    ආයෝජකයින් ඇතුලු විදේශකයින් සඳහා දිගුකාලීන නේවාසික වීසා වැඩසටහනක් වන ගෝල්ඩන් පැරඩයිස් වීසා ක්‍රමය” හඳුන්වාදීමේ වැඩසටහන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් (මැයි 30) බත්තරමුල්ල, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

    මෙම අවස්ථාවේ දී ගෝල්ඩන් පැරඩයිස් වීසා වැඩසටහන සඳහා වෙන් වූ වෙබ් අඩවිය ද දියත් කරන ලදී. මෙය යථාර්ථයක් බවට පත් කිරීමට ගත් උත්සාහය පිළිබඳව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක ජෙනරාල් බන්දුල හරිස්චන්ද්‍ර ඇතුලු ඔහුගේ කාර්ය මණ්ඩලයට ආරක්‍ෂක ලේකම්වරයා සිය ප්‍රශංසාව පුද කරන ලදී.

    ක්‍රියා පටිපාටිය සරල වීම තුලින්, මෙම වැඩසටහන සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන අයවලුන් දිරිමත් වන බවත්, එමෙන්ම අනුගමනය කරන ක්‍රියා පටිපාටිය සංකීර්ණ නොවන විට, වැඩි බලාපොරොත්තුවක් තබාගත හැකි බවත් මෙහිදී ඔහු සඳහන් කළේය.
    මෙම වැඩසටහන ඉදිරියේදී ඇගයීමට ලක් කිරීමටත් අවශ්‍ය නම් අවශ්‍ය වැඩිදියුණු කිරීම් සිදු කිරීමටත් බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. මේ සඳහා මාවත විවෘත බැවින් සැලකිය යුතු සාර්ථකත්වයක් ලබා ගැනීම සඳහා තම ආයතනවල කර්තව්‍යයන් ඉදිරියට ගෙන යන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

    මෙම වැඩසටහන මෙරට ආර්ථිකය ඉහළ නැංවීමට දායක වන අතර, එමගින් ආයෝජකයින්ටද ප්‍රතිලාභ රැසක් අත්විඳීමට හැකිවනු ඇත. මෙම වැඩසටහනට අනුව ආයෝජකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ස්ථීර ප්‍රතිලාභ හිමිවන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

     

    මේ පිලිබඳ වැඩි විස්තර https://eservices.immigration.gov.lk/golden-paradise-visa.html මගින් ලබා ගත හැක.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් යූ.කේ. බණ්ඩාර, විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රියංකා විජේගුණසේකර, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් රේණුකා වීරකෝන්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටින ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya