පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    දුම්රිය ආදායම් ලබාගැනීමට විකල්ප මාර්ග ගැන අවධානය- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    මැයි 31, 2022

    දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා ආදායම් ලබා ගත හැකි විකල්ප මාර්ග සම්බන්ධයෙන් අවධනය යොමු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක,ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    එමෙන් ම ,ඉදිරි සති දෙකක කාලය තුළ නව දුම්රිය 50ක් මගී ප්‍රවාහනය සඳහා එක් කරන බව ද අමාත්‍යවරයා පැවසුවේ,

     අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    තවද, ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කර බස් සහ දුම්රිය මගින් වැඩි මගීන් ප්‍රමාණයක් ගෙන යමින් සාමාන්‍ය ජනතාවට සහනයක් ලබා දීමේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා කීය.

    ජුනි 01 වැනිදා සිට වෙන්කර ඇති ආසනවල ගාස්තු 30%ත් 60%ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මේ සම්බන්ධහෙයන් මාධ්‍යෙව්දියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, සාමාන්‍ය ජනතාව සඳහා අය කරන දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදු වූයේ නැති බවත් මිල ඉහළ දැමුවේ කලින් වෙන්කල ආසන සඳහා අය කරන ගාස්තු පමණක් බව ද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya