ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස්මත හදිසි ගංවතුර තත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීමට බටහිර නාවික විධානය මගින් රත්නපුර ප්‍රදේශය වෙත සහන කණ්ඩායම් 04ක් ද, දකුණු නාවික විධානය මඟින් ගාල්ල තවලම ප්‍රදේශයට සහන කණ්ඩායම් 02ක් ද යොමු කරන ලදී. රත්නපුර, කලවාන පොතුපිටිය මාර්ගයේ දෙල්ගොඩ පාළම අවට ප්‍රදේශයේ ඇතිව ඇති සුළු ජල ගැලීම් තත්වය හමුවේ එම ප්‍රදේශය වෙත යොමු කර ඇති නාවික හමුදා සහන කණ්ඩායම මඟින් මේ වන විට පාසැල් ළමුන් ඇතුළු ජනතාව වෙත අවශ්‍ය සහන සලසමින් සිටියි.
තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සදහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට බටහිර නාවික විධානයේ අමතර සහන කණ්ඩායම් 03ක් ද, දකුණු නාවික විධානයේ අමතර සහන කණ්ඩායම් 08ක් සහ වයඹ නාවික විධානයේ සහන කණ්ඩායම් 18ක් ද මේ වන විටත් සූදානමින් තබා ඇත.