ඔහු මේ බව පැවසුවේ, අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
අත්හැරුණු කුඹුරු ඇති අයට මුංඇට, කවුපි, සෝයා බෝංචි, උදු, බඩඉරිගු ආදී බෝග ඒ්වායෙහි වගාකළ හැකි බවද, ඒ් සෑම කෙනෙකුටම වී වලින් ලබන අස්වැන්නට වඩා වැඩි අස්වැන්නක් සහ මුදලක් එමගින් ලබාගත හැකිවනු ඇතැයි තමා සහතික වන බවද, ඒම වගකීම තමා භාරගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේය.
යම් ආකාරයකට මෙම බෝග වගාකර මිල අඩු වුවහොත් එම පාඩුව ගොවීන් හට දරාගැනීමට නොදී ඉතා ඉහළ මිලකට රජය මගින් මේවා මිලදීගැනීමට කටයුතු කරන බව සහතික වශයෙන් කිවහැකි යැයිද, කිසිම කෙනෙකු මිල පිළිබදව ගැටලුවක් ඇතිකර නොගන්නා ලෙසද, යම් ආකාරයකට අස්වැන්නේ අඩුවීමක් සිදුවුවහොත් ඒය පියවෙන ආකාරයට ඔවුන් හට සහන ලබාදීමේ කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම අවස්ථාවේ කුරක්කන් හෝ කුමන හෝ වර්ගයක බෝගයක් වගා කරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා විශේෂයෙන්ම විදේශ රටවලින් ගෙන්වන බෝග වගා කළහොත් ගොවීන්ට බියවිය යුතු නැති බවද ඒ්වාට සහතික මිලක් පවතින බවද අපනයනය කරන දේවල් වගා කළහොත් ඔවුන්ට හොද මිලක් ලබාගත හැකි බවද සදහන් කළේය.
කුඹුරු වලට අතිරේකව අනෙකුත් වගාවන් පිළිබදවද අවධානය යොමු කරන බව කියා සිටි අමාත්‍යවරයා ප්‍රධාන වශයෙන් ගෙවතු වගාව සාර්ථක කරගැනීමට මෙන්ම අතිරේකබෝග වගාවට සහ මිරිස් වැනි බෝග වගා කිරීම කෙරෙහි පෙළඹවීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් පවතින බවද අමාත්‍යවරයා පැවසුවේය.
බී ළුූෑණු, අල, රටකජු ආදී රටින් ගෙන එන ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කිරීමට ගොවියා දිරිගැන්වීම සදහා අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නා බවද, අගමැතිතුමා නුදුරේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂිත අයවැයෙහි කෘෂිකර්ම ක්ෂේත්‍රය සදහා වෙන් කරන ලද මුදල් කිසිවක් නොකපන ලෙසද, තවත් වැඩි මුදල් ප්‍රමාණයක් ඒ් සදහා ලබාදෙන ලෙසද තමා අගමැතිතුමාගෙන් ඉල්ලා සිටි බව අවධාරණය කළ කෘෂිකර්ම අමාත්‍යවරයා පිටරටින් බෝග ගෙනඒමට වැයවන මුදල් නවත්වා අප රටේම එම බෝග නිෂ්පාදනය කිරීමේ වගකීම බාරගන්නා බවද තමා අගමැතිවරයාට පැවසුවේ යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එය ස්ථිර වශයෙන්ම සහතික විය හැකි බවද,තමා හට ගොවි ජනතාව පිළිබද ලොකු විශ්වාසයක් ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.