පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    මහා කන්නයට අවශ්‍ය බිජ වී නිෂ්පාදනයට වැඩසටහනක් - කෘෂිකර්ම ඇමති

    මැයි 31, 2022

    මහා කන්නයේ අස්වැන්න සාර්ථක කර ගැනීමට නම් මෙවර බීජ වී නිෂ්පාදනය වැඩි කළ යුතු වන හෙයින් බීජ වී නිෂ්පාදනය කරන ගොවීන්ට යම් සහනදායී ක්‍රමයකට පොහොර ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

    ලෝක ආහාර අර්බුදය හමුවේ ලංකාවේ ආහාර අර්බුදය උග්‍ර අතට හැරෙමින් තිබෙන බව නොරහසකි. ඒ නිසා මෙරට විවිධ ක්ෂේත්‍ර වල වගා කිරීම මේ පිළිබඳව උනන්දුවක් දක්වන සහ ඊට සහය දැක්විය හැකි සියලු පාර්ශ්ව සමඟ ශ්‍රී ලංකාව ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීමට සුදානම් කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට අවශ්‍ය සාකච්ඡා සිදු කරමින් සිටින බවත් හෙතෙම මෙහි දී සඳහන් කළේය.

    එමෙන්ම, තවමත් කුඹුරු අස්වැද්දීම සිදු නොකළ ගොවීන් සිටිත් නම් තමන් වෙනුවෙන් මෙන්ම රට වෙනුවෙන් ද සිතා බලා තම කුඹුරු අස්වැද්දීම පමා නොකොට සිදු කරන ලෙස ඉල්ලා සිටි හෙතෙම එම ගොවීන් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරන්නන්ගෙන් එකී පොහොර මිලට ගෙන ගොවීන්ට බෙදා දීමට අවශ්‍ය සියලු පියවර ගනු ලබන බව ද ඒ මහතා මෙහි දී පැවසුවේය.

    එමෙන්ම, ගොවීන්ට රසායනික පොහොර ලබා දීම සඳහා ඉහල මට්ටමේ සාකච්ඡා දැනටමත් සිදු කෙරෙමින් පවතින අතර රටවල් ගණනාවක් සමඟ මෙරට අගමැති සහ ජනාධිපතිවරයා විසින් සාකච්ඡා සිදු කර ඇති බව ද, රටවල් හතක තනාපතිවරුන් වෙත තමන් විසින් ද මෙරටට පොහොර ලබා ගැනීම පිළිබඳව ලිඛිතව ඉල්ලීම් කර ඇති බව ද, ඉන්දියාවෙන් පොහොර මෙට්‍රික් ටොන් 65000 ක් ගෙන්වීම පිළිබඳව සකච්ඡා අරඹා ඇති අතර ඉන්දියාවේ මෙරට තානාපති මිලින්ද මොරගොඩ මහතා සමඟ ද, ලංකාවේ සිටින ඉන්දියානු මහකොමසාරිස්වරයා සමඟ ද ඒ පිළිබඳ සකච්ඡා කරමින් එතුමන්ලාගේ සහය ලබා ගැනීමට කටයුතු කරන බව ද  අමාත්‍යවරයා පැවසීය. 

     

    ආහාර අර්බුදයට මුහුණ දීමට අවශ්‍ය වැඩපිළිවෙල හා ශක්තිය සියලු පාර්ශ්ව හා එක්ව දරණ බවත්, මෙකී කාරණා සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු කරුණු කාරණා වලට ප්‍රවේශ වන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය. ඒ අනුව හෙට දිනයේ දී කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉන්දියානු මහා කොමසාරිස්වරයා හමු වීමට ද නියමිතව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya