පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    නිල්වලා ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළට

    මැයි 31, 2022

    පවතින අධික වර්ෂාපතන තත්වය හේතුවෙන් නිල්වලා ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඉදිරි පැය 24ක කාලය තුළ පස්ගොඩ,කොටපොළ,පිටබැද්දර , අකුරැස්ස,අතුරලිය,මාලිම්බඩ, තිහගොඩ,මාතර සහ දෙවිනුවර යන ප්‍රදේශවලට සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව  අනතරු අඟවයි.

    එසේම අත්තනගලු ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලටද මේ වන විට සැළකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ගම්පහ , අත්තනගල්ල , මීරිගම, ජාඇල සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවන් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලටද ඉදිරි පැය 24 තුළ සැළකියයුතු මට්ටමේ ගංවතුර තත්වයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

    මේ තත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් වරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලීමක්කෙරේ.
    තවද කළු ගගේ ජල මට්ටමද ඉහළ යමින් පවතින බැවින් කලවැල්ලාව ප්‍රදේශයටද ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්වයක් වර්ධනය විය හැකි හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි..


    එසේම ගිංගගේ ජලමට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් ගිංගඟ ආශ්‍රිත තවලම සහ බද්දේගම ප්‍රදේශවලට ගංවතුර තත්වයක් ඇතිවීය හැකි නිසා එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඒ පිළීබඳව සැළකිළිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කෙරේ.

    මෙම ගංඟාවලට අමතරව දැදුරු ඔය ,මහ ඔය , පෙන්තර ගඟ සහ කිරම ඔය යන ගංඟාද්‍රෝණීවල පහත් බිම් ප්‍රදේශවල ජනතාවද එම ගංඟාවල ජල මට්ටම් ඉහළ යාම් සම්බන්ධයෙන් අවධාවනයෙන් පසුවන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

    එමෙන්ම අද පෙරවරු 8.30ට දක්වා ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල ප්‍රදේශයට බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම ප්‍රමාණය මිලිමීටර් 192කි.තවද කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න ප්‍රදේශයට මිලිමීටර් 132ක් ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවෙල ප්‍රදේශයට මිලිමීටර් 130.5ක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල ප්‍රදේශයට මිලිමීටර් 121.1ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

    මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාම්  පිළිබඳ කහ නිවේදනයක් නිකුත් කර තිබේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya