පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට වීදි පුස්තකාලයක් තිළිණ කරයි

    ජූනි 01, 2022

    පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ත්‍යාග ආධාරයක් මත ප්‍රථම වරට කොළඹ වීදි(Street libirary) පුස්තකාලයක් විවෘත කළේ ය.

    කොළඹ 7, තුරඟ තරඟ පිටියේ කුඩා ප්‍රේක්ෂකාගාරය අසල රථ වාහන නැවතුම් පළේ පිහිටා ඇති මෙය 2022 මැයි 20 වැනිදා පාකිස්තාන මහකොමසාරිස් H.E.Hgh Commissioner Major Genaral(Retd) Umar Frooq Burki HI(M) හා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති මේජර් ⁣⁣ජෙනරාල්(විශ්‍රාමික) උදය නානායක්කාර යන මහත්වරුන් විසින් විවෘත කරන ලදී .

    පාකිස්ථානු රජය විසින් ශ්‍රී ලංකා රජයට ත්‍යාගයක් ලෙස ලබා දුන් මෙම වීදි පුස්තකාලයේ වටිනාකම රුපියල් ලක්ෂ 23 කි. පාකිස්තාන රජය වෙනුවෙන් මහකොමසාරිස් විසින් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වෙත මෙහිදී ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් පුස්තකාලය පිරිනමනු ලැබීය.

    ශ්‍රී ලංකාවත් පකිස්ථානයත් අතර දෙරටේ සහෝදරත්වය හා මිත්‍රත්වය වඩාත් තහවුරු කිරීමේ අරමුණින් ත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා ජනතාවට මෙය ලබාදෙන බව පකිස්තාන මහ කොමසාරිස් මෙහිදී පැවසීය.

    [නුදුරු දිනෙක මහනුවර නගරයටද මෙවැනිම වීදි පුස්තකාලයක් පාකිස්තාන රජය විසින් ශ්‍රී ලංකා ජනතාවට පිරිනැමීමට කටයුතු යොදා ඇති බව මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) Umar Frooq Burki මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    මෙම උත්සවය අමතන නාගරික සංවර්ධන අධිකාරයේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) උදය නානායක්කාර මහතා පැවසුවේ "1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු පසුව ශ්‍රී ලංකාව සමඟ පළමු වරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත් රාජ්‍ය අතරට පාකිස්තානය ද අයත්.පාකිස්ථානය හා ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රාජ්‍ය අතරට අයත්. මෙසේම නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ දෙරටම සාමාජිකයන් වන අතර දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (සාර්ක් සංවිධානය) සාමාජික රාජ්‍ය වෙනවා.මේ ලෙසම දෙරටේම ජනතාව ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවට ඉන්න මහත් ඇල්මක් දක්වන ක්‍රිකට් ලෝලීන් පිරිසක් දෙරටේම සිටී. මේ සන්දර්භය තුළ අප දෙරට අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව මෙන්ම ලෙන්ගතු මිත්‍රත්වයක් පවතී. එදා සිට අප දෙරට අතර අකලංක මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරමින් පාකිස්තානු රජය විසින් අප රටට රුපියල් ලක්ෂ 23 ක වටිනාකමකින් යුත් මෙම වීදි පුස්තකාලය ලබා දුන්නේ පරිත්‍යාගයක් ලෙසයි."

    මෙම අවස්ථාවට පකිස්තාන ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස්,නියෝජ්‍ය මහ කොමසාරිස්,මහ කොමසාරිස් කාර්යාලීය ලේකම්වරු හා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු උසස් නිලධාරීහු සහභාගි වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya