මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත්වැ ඩි වීමේ හැකියාවක් පවතින බැවින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම කොළඹ, කළුතර, ගාල්ල, මාතර ,හම්බන්තොට ,පුත්තලම, මහනුවර ,කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල ත්‍රිවිධ හමුදාව සහ ආපදා කළමනාකරණ නිලධාරීන් සූදානමින් සිටින බව ඒ මහතා පවසයි.
විභාගයකට මුහුණ දෙන දරුවන් හෝ ගුරුභවතුන් හෝ ඕනෑම අයෙකුට විභාග මධ්‍යස්ථානයකට යෑමට හෝ විභාග මධ්‍යස්ථානයක පවතින ගැටලුවක් හෝ යම් ඕනෑම ආපදා තත්වයක් වේ නම් ආපදා කළමනාකරණ සේවා ක්‍රියාන්විත මැදිරියේ 117 දුරකතන අංකයට ඇමතුමක් ලබා දී තම අවශ්‍යතාවය පිළිබඳ දැනුම් දෙන ලෙස ඒ මහතා කියා සිටී.
එම ක්‍රියාන්විත මැදිරියේ විශේෂ නිලධාරීන් ඕනෑම අවස්ථාවක ක්ෂණිකව පැමිණ විභාගය කරගෙන යාම සඳහා විභාග කොමසාරිස් සහ එම පළාත්වල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමග සම්බන්ධතාවයෙන් කටයුතු කරන බවත් සුදන්ත රණසිංහ මහතා පැවසීය.