ඔහු මේ බව පැවසුවේ පසුගියදා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදීය.
ඒ අනුව දීර්ඝ කරන ලද කාලය අවසන් වීමෙන් පසුව මැතිවරණයක් කරා යා හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
ඉතිරිව ඇති කෙටි කාලය තුළ කළ හැකි වෙනස්කම් සිදු කිරීම පිළිබඳවත්, රාජ්‍ය සේවකයන් මැතිවරණයට තරඟ කිරීමේදී ඇහැරී ඇති ඉඩ ප්‍රස්ථා පිළිබඳවත්, යෝජිත ප්‍රාදේශීය සභා නගර සභා ලෙසත්, නගර සභා මහ නගර සභා ලෙසත් උසස් කිරීම පිළිබඳවත්, මෙහිදී සාකච්ඡා විය.
විශේෂයෙන් වත්මන් අර්බුදය හමුවේ පළාත් පාලන ආයතනයට කෘෂිකාර්මික අංශයට රජයෙන් ක්‍රියාත්මක විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වෙනම හා දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකරන වැඩපිළිවෙළට එක්ව කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
ජනතාවට සමීපතම ආයතනය පළාත් පාලන ආයතනය වන බැවින් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ කෙටිකාලීන කෘෂිකාර්මික බෝග වගාව පිළිබඳව හා පශු සම්පත් නිෂ්පාදනය කෙරෙහි පළාත් පාලන ආයතනයට වඩාත් මැදිහත්ව කටයුතු කළ හැකි බවද අමාත්‍යවරයා සදහන් කළේය.