අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (2) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මෙම වර්ෂයේ දෙසැම්බර් මස 22 ,23 දක්වා පාසල් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි . 2020 වර්ෂයේ වසංගතය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් පැවැත්වීමට තිබූ දින සීයක් දරුවන්ට අහිමි වූ බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය .2021 වර්ෂයේ දී ද මෙලෙස පාසල් පැවැත් වීමට තබූ දින දරුවන්ට අහිමි වී තිබේ .
2022 වර්ෂයේ ද යම් ප්‍රමාදයක් සිදු වී ඇති බවත් ,එහෙත් දෙසැම්බර් මස 22 ,23 දක්වා පාසල් පවත්වමින් වර්ෂය අවසාන වන විට අධ්‍යාපනය ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.
ලබන වර්ෂය සඳහා අවශ්‍ය පෙළපොත් සහ පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය මූලික පියවර මේ වෙනවිටත් ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. පාසල් වල පෝෂණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඊයේ අවසන් වූ සාමාන්‍ය පෙළ විභාගය බාධාවකින් තොරව පැවැත්වීමට බාධාවකින් තොරව සාර්ථකව පවත්වා ගැනීමට විවිධ පාර්ශ්වයන්ගෙන් සහය ලැබූ බවත් ඒ සම්බන්ධයෙන් තම ස්තූතිය පුද කරන බවද අමාත්‍යවරයා පැවසීය . ජාතික පාසල් සඳහා ළමුන් ඇතුළත් කර ගැනීමේ කටයුතු මේ විට තාවකාලිකව නවතා ඇති බවද අමාත්‍යවරයා පැවසීය