එමෙන්ම ලංගම සතු ඩීසල් තොග වලින් අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන රථ වලට දපෞද්ගලික බස්රථ සඳහා ද ඩිසල් නිකුත් කරන බව ද එසේ සිදු කරන්නේ ද ලංගම ට ඩිසල් ලැබෙන ආකාරයට අනුව බව ද හෙතෙම පැවසුවේය.
ඒ අනුව, ලංගම සඳහා නියමිත ආකාරයට ඩීසල් ලැබුණහොත් කිසිඳු ගැටලුවකින් තොරව ධාවන කටයුතු සිදු කරන බව සඳහන් කළ හෙතෙම ඉදිරියටත් ලැබෙන ඩිසල් තොග වලට අනුව මෙම කටයුත්ත නිසියාකාරව සිදු කෙරෙන බවත් ඉදිරියටත් ඉල්ලුම් කර ඇති ආකාරයට ඩීසල් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.