ඒකාබද්ධ වාණිජ මණ්ඩල සහා ඖෂධ නිෂ්පාදකයන් ගේ සංගමය , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගේ සංගමය ඇතුළු වෙලඳ සංගම් නියෝජිතයන් සමඟ ඊයේ (02)පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරය මේ බව පැහැදිලි කළේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් මෙම මාසය අවසන් වන විට සාකච්ඡා අවසන් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා කීය.
මූල්‍ය හා නීති උපදේශකයින් පත් කිරීමෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කර ඇති බව ද අර්බුදය සමනය කිරීමට උපකාර වන ඕනෑම මුල්‍යමය පාලමක් රඳා පවතින්නේ අයි.එම්.එෆ් සමඟ එළඹෙන ගිවිසුමක් මත බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, පරිත්‍යාගශීලී රටවල් සමඟ තවදුරටත් සාකච්ඡා සිදුකරන බවයි. ජපානය සමඟ සබඳතා බිඳ වැටී ඇති බවත් එම සබඳතා යථා තත්ත්වයට පත් කර ඔවුන්ගේ විශ්වාසය යළි ඇති කර ගැනීමට යම් කාලයක් ගතවනු ඇති බවත් පැවසීය.
ඖෂධ හිඟය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේ හදිසි අවශ්‍ය ඖෂධ සැපයීම සඳහා වන ජාත්‍යන්තර අයාචනය සඳහා මාලදිවයින හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් නායකත්වය දෙන බවයි.
ආහාර හිඟය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා පොහොර සුරක්ෂිත කිරීම සහ ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළක් සැකසීමට එක හා සමාන ප්‍රමුඛත්වයක් ලබා දෙන බව පැහැදිළි කළේය.
කිසියම් අතිරික්ත බෝගයක් සිදුවුවහොත්, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා සහනදායී මිලකට ඒවා ලබා දෙන බව ද කීය.