ඒ මහතා මේ බව කියා සිටියේ ,වත්මන් කාලගුණික තත්ත්වය සහ ආපදා සහන ක්‍රියාවලිය යන මැයෙන් (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි .
අවවාද නොතකා යම් කණ්ඩායම් ක්‍රියා කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් 117 දුරකථන අංකය අමතා තොරතුරු ලබාදීමට කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිට් ඒ මහතා , එම පුද්ගලයන් හා පිරිස් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර නීතිය ක්‍රියාත්මක කරන බවද කීය.
ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කර අධ්‍යක්ෂ ජනරාල්වරයා ,අධික වර්ෂාපතනය හේතුවෙන් කොළඹ ,මාතර, කෑගල්ල ,ගම්පහ, මහනුවර ,කළුතර ,රත්නපුර යන දිස්ත්‍රික්ක 07 ප්‍රධාන වශයෙන් ආපදාවට ලක් වූ බවත් මේ අතරින් කළුතර ,රත්නපුර දිස්ත්‍රික්ක 02 වැඩි වශයෙන් ආපදාවට ලක් වූ බවද කිවේය .
එසේම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 43 ක් ගංවතුර ආපදාවන්ගෙන් බලපෑමට ලක්වූ බවත් එයින් ආපදා සහන සේවා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වූ බවත් තුවාලකරුවන් කිසිවෙකු නොමැති බවද සුදන්ත රණසිංහ මහතා පැවසීය .
මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 10ක් ස්ථාපිත කර ඇති බවත් එහි පවුල් 192ක පුද්ගලයන් 690ක් රදවා සිටින බවත් මිතුරන් සහ ඥාතීන් යන ක්‍රමවේදය යටතේ පවුල් 647ක පුද්ගලයින් 2433ක් නවාතැන්ගෙන සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය .
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 43නේ සම්පූර්ණ බලපෑමට ලක්වුවන් ගණනය කිරීමේදී සුළු වශයෙන් හෝ මධ්‍යම වශයෙන් ආපදාවට ලක්වූ පවුල් 5357ක පුද්ගලයන් 22,338ක් සිටින බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා, සුළු සහ අර්ධ හානි ඇති වූ නිවාස 174ක් ඇති බවද රපෝර්තු කර ඇතැයි ද කිවේය .
එසේම,රත්නපුර දිස්ත්‍රික්කයේ සහන මධ්‍යස්ථාන 02ක්, ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහන මධ්‍යස්ථානය 01 ක් ,කොළඹ දිස්ත්‍රික්කයේ ආහාර පිසීම සඳහා ජයවර්ධනපුර කෝට්ටේ සහන මධ්‍යස්ථාන 01 ක් ,කොලොන්නාව සහන මධ්‍යස්ථාන 04ක් සහ සීතාවක සහන මධ්‍යස්ථානය 02ක් පවත්වාගෙන යන බවද පැවසීය.
ආපදා තත්ත්වය සම්බන්ධව තත්ත්ව වාර්තාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයට සෑම දිනකම උදෑසන සහ සවස ලබා දෙන බවත් එහි ආපදාවන්ට ලක්වුවන් පිළිබඳව දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය මට්ටමෙන් දත්ත ඇති බවද කී අධ්‍යක්ෂ ජනරාල්තුමා ,ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලය මේ වනවිට භාණ්ඩාගාරයට සහ දිසාපතිවරුන්ට එම සහන සඳහා අවශ්‍ය මුදල් ලබාදීමත් ,ඊට අමතරව ආපදා සහන සේවා ආයතනයෙන් ඉල්ලුම් කරන ඕනෑම අවස්ථාවක අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමටද උපදෙස් දී ඇති බවද කීය .
අපදා තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශයේ කිසිදු ප්‍රශ්නකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බව කී අධ්‍යක්ෂ ජනරාල් ජනරාල්තුමා, අපදාවන්ට ලක්වූ පිරිස් අතරින් කොරෝනා වෛරසය ඇති පුද්ගලයන් වාර්තා නොවූ බවද කීවේය .
එසේම ගිගුරුම් සහිත වැසි ,විදුලි කෙටිම් යන අනාවැකිය ලැබුණු විගස තමන්ගේ නිවසේ ඇති විදුලි පරිපථයන් විසන්ධි කර නිවෙස්වල ඇති විදුලි උපකරණ ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසත් වර්ෂාව ඇති කාලයේ දරුවන් එළිමහනේ ක්‍රීඩා කිරීමට යොමු නොකරන ලෙසද කීය .