පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    මෙරට ළමුන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම කඩිනමින් කළ යුතුයි - කෝපා කමිටුව

    ජූනි 03, 2022

    පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් මෙරට ළමුන් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත්, ඒ සඳහා නිසි මඟ පෙන්වීම් කළ යුතු බවත් පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක
    සභාව අවධාරණය කරයි.

    තවද මෙම විෂය සම්බන්ධයෙන් පළාත් සභා වෙත අරමුදල් ලබා දීමේදී විෂමතාවයකින් තොරව මුදල් ලබා දීම සඳහා අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවද පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝපා
    කමිටු වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

    එසේම ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී සෑම අධිකරණ කලාපයක් සඳහාම පරිවාස කාර්යාලයක් ස්ථාපනය කිරීම පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස ද කාරක සභාව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත නියෝග කොට තිබේ.

    ළමුන් සම්බන්ධයෙන් අදාළ වන්නා වු කුලවද්දා ගැනීමේ ආඥා පනත ඇතුළු නීති සහ අණ පනත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන කොපා කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත
    නියෝග කොට ඇත්තේ මෙම පනත් කාලීන අවශ්‍යතාවට අනුව කඩිනමින් සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.


    මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වාදී ඇත්තේ අණපනත් සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර ඇති බවත් ළමා හා යෞවන ආඥා පනත සම්බන්ධ නීති සංශෝධනය අවසන් අදියරේ
    පවතින බවත්ය.


    අන්තර්ජාලය භාවිතා කිරීමෙන් ළමුන් ගොදුරුවන අපචාර වලින් ඔවුන් මුදවාගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට මැදිහත් වන ලෙසද කාරක සභාව
    විසින් උපදෙස් ලබාදී තිබේ.


    ළමා අපරාධ සම්බන්ධයෙන් ජනමාධ්‍ය විසින් සිද්ධි වාර්තාකරණයේදී සිදුකරනු ලබන අක්‍රමිකතා මගහරවා සමාජහිතකාමි මාධ්‍ය වාරණයක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කාරක සභාව විසින් නියෝග කරන ලදි. මෙම කරුණ සම්බන්ධයෙන් මාධ්‍ය නියාමනය සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමියන්ගේ සංසදයේ මැදිහත් වීමේන් කමිටුවක් පත් කර ඇති බවත්, එම කටයුතු කඩිනමින් සිදු
    කරනු ලබන බවත් මෙහිදී අනාවරණය විය.


    මේ කරුණු අන්තර්ගත වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා විසින් පසුගියදා (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝපා
    කමිටුවේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පළමු වාර්තාවේය.


    2021.08.04 සිට 2021.11.19 දක්වා කාලය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් කැඳවන ලද රාජ්‍ය ආයතන 7ක සහ එක් විශේෂ විගණන වාර්තාවක විමර්ශනයන් පිළිබඳ තොරතුරු මෙම වාර්තාවට අන්තර්ගත වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya