රටේ වත්මන් ආහාර තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ(FAO) මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ(UNDP) නියෝජ්‍ය නියෝජිත මාලින් හර්විග් සමඟ අද පැවැති සාකච්ඡාව.ක දී මේ බව පැවසීය
එම වැඩසටහන ලබන මාසයේ එළිදැක්වීමට නියමිත අතර UNDP සහාය සඳහා එහිදී ආරධනා කළේ ය.
කෘෂිකාර්මික ක්ෂේත්‍රය දැනට මුහුණ දී සිටින ප්‍රධානතම ප්‍රශ්නය පොහොර සහ ඉන්ධන හිඟය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉදිරියේදී විය හැකි ආහාර හිඟයක් මඟහරවා ගැනීම සඳහා තමන් විසින් ආරම්භ කරන ලද නාගරික කෘෂිකර්ම වැඩසටහන පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා විස්තර කළේය. මේ අතර පොහොර හිඟය මගහරවා ගැනීමට ගොවි ප්‍රජාවට උපකාර වන නව්‍ය ගොවි ආධාර වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව UNDP නියෝජිතවරු පැවසූහ.
නාගරික කෘෂිකාර්මික වැඩසටහන ආධාර කිරීමට පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වී ඇති බවත්, සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමකදී වැඩි මූල්‍ය ආධාර ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ(FAO) මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි ආහාර අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සැලැස්මක් කෙටුම්පත් කරමින් සිටින බව විම්ලේන්ද්‍ර ශරන් ප්‍රකාශ කළේය. ගොවීන් මුහුණ දී සිටින පොහොර ඉන්ධන ඇතුළු මුලික අවස්ථාවවල හිඟය පියවීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතහොත් දැනට පවතින අහාර හිඟය මාස 5-6ක් ඇතුළත පාලනය කල හැකි බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.