ත්‍රීරෝද රථ සංගම් නියෝජිතයන් සමග පැවති රැස්විමක දී අග්‍රාමාත්‍ය මේ බව ප්‍රකාශ කළේ ය.
ත්‍රීරෝද රථ නියාමන ආයතනයක් පිහිටුවීම සඳහා සහයෝගය ලබා දීමට අගමැතිවරයා මෙහිදී එකඟත්වය පල කළේ ය.රටට මාසයකට අවශ්‍ය ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 500ක් බව අගමැතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
එබැවින් ඉදිරියේදී රට මුහුණ දෙන අර්බුදය හමුවේ ත්‍රීරෝද රථ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් දිර්ඝ ලෙස එහදි සාකච්ඡා කළහ.මේ අතර ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ නියොජිතයන් සමග ද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවට එක්විය.
ඉන්ධන පිරවුම්හල් වල ආරක්‍ෂාව හා ඉන්ධන ලබාදීම ක්‍රමවත් කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා විය.