21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡාවක් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (3) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති අතර සාකච්ඡාව අවසානයේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය
සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර එකඟ විය හැකි තත්වයකට මෙම කෙටුම්පත පත් වී ඇති බවත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත්ය.මෙම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කළ හැකි දැයි මාධ්‍යවේදියකු විමසූ පැනයට පිළිතුරු ලබා දුන් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ එ් බව සාකච්ඡා කළ බවත් අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවෙන් පසු සියලු තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කරන බවයි.
තවද අරගල භූමියේ තරුණයන්ගේ අදහස් මෙම යෝජනාවට ඇතුළත් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා අරගල භූමියේ කණ්ඩායම් කිහිපයක් සමග තමා සාකච්ඡා කළ බවත් එම පිරිසට බලාපොරොත්තුවක් තබා ගත හැකි මූලික අදියර ලෙස මෙම අර්බුදකාරී අවස්ථාවේදී දේශපාලන ස්ථාවරත්වය ගොඩනැගීමෙන් අනතුරුව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් යටතේ මීට වඩා තරුණයන්ට කාන්තාවන්ට වැඩි ප්‍රමුඛතාවය ලබා දෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව ද පැවසීය.
එසේම විධායක ආණ්ඩු ක්‍රමය අහෝසි කිරීම සඳහා නොව මෙහිදී උත්සහයක් දරා ඇත්තේ ජනමත විචාරණයකට නොගොස් කළ හැකි සංශෝධනයන් සිදු කිරීමට බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.