මෙම වැඩපිළිවෙල සක්‍රීයව ඉදිරියට ගෙන යනු වස් 'සුරක්ෂිත කෘෂිකර්මාන්තය සඳහා වන විද්වත් ව්‍යාපාරය' (Academic Movement to Safe Garde Agricultural) හා සාකච්ඡාවක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) දින අමාත්‍යංශයේ දී පැවැත්විණ.
ඉදිරි ආහාර අර්බුදයට මුහුණදීම සදහා අවශ්‍ය වන කටයුතු සූදානම් කිරීමට අමාත්‍යාංශය යටතේ වන දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාමීය නිලධාරීන් දක්වා වන වැඩ වැඩපිළිවෙළක්ද සකස් කර ඇත.
පසු අස්වනු තාක්ෂණය, කෙටි කාලීන බෝග වගාව, ප්‍රජා සහභාගීත්ව ක්‍රම වේදය, බෝග විවිධාංගීකරණය, සකසුරුවම් පරිභෝජනය පිළිබඳව මෙම සාකච්ඡාවේදී මහාචාර්යවරුන් අදහස් දක්වමින් ක්‍රියාත්මක ක්‍රමවේදයන් ඉදිරිපත් කර ඇත.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරේෂ් රාගවන්, යදමිණි ගුණවර්ධන, අනුප පැස්කුවල්, අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, AMSGA සංවිධානය වෙනුවෙන් මහාචාර්ය නිලන්ත ලියනගේ, මහාචාර්ය මෙත්තිකා විතානගේ, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මාලින්ද සෙනෙවිරත්න zoom ඔස්සේ පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර සහ AMSGA සංවිධානයේ මහාචාර්යවරුන් ද සම්බන්ධ විය.