2022 මාස් කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර ලබාගැනීම සම්බන්ධව පසුගියදා කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවත්විණි.
2022 මහ කන්නයේ දී ගොවිජනතාව වෙත රසායනික පොහොර ලබා දීම සඳහා ලෝකබැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමඟ සාකච්ඡා කළ බවත්, 2022 මහ කන්නයේ ගොවිජනතාවට නොබියව වී වගා කිරීමට අවශ්‍ය යූරියා පොහොර සම්පූර්ණ ප්‍රමාණයට ලබාදීමසඳහා අවශ්‍ය මූල්‍යමය සහයෝගිතාවය ලබාදීමට ලෝක බැංකු නියෝජිත පිරිසඑකඟතාවය පළ කළ බවත් අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළේය.