මත්ෂ්‍ය සංකිරණය අවට ඇති හිස් මුඩු බිම් මත්ෂ්‍ය වෙළද සංකිරණයේ කටයුතු සඳහා යොදා ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුලු නිළධාරින්ට උපදෙස් ලබා දෙන ලදි
එහිදී වෙළද සංකිරණයේ පවතින ගැටලු පිළිබඳ අවදානය යොමු කළ අමාත්‍යවරයා, මත්ෂ්‍ය වෙළඳ සංකිර්ණයේ කටයුතු පවත්වාගෙන යන වෙළඳ සංගමයේ නිළධාරින් හා සාකච්ඡාවකට එක් විය. වෙළද සංකිරණයේ පවතින සිල්ලර වෙළදසැල් අක්‍රියවිම පිළිබඳ අමාත්‍යවරයා කරුණු විමසීය.
තවද මත්ෂ්‍ය වෙළද සංකිරණයේ පවත්වා ගෙන යන අයිස් නිෂ්පාදනාගාර පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍යවරයා, එහි කළමණාකාරිත්වය දැනුවත් කරමින් කියා සිටියේ, රටේ අනිකුත් බොහෝ භාණ්ඩවල මිළ ඉහළ නැංවිම සිදුවන බවත් මේ අවස්ථාවේ ජනතාව ගැන සිතා අයිස් නෂ්පාදන මිළ ඉහළ නොදමන ලෙසත් ඒ පිළිබඳ නිරන්තරයෙන් සොයා බලන ලෙසද නිළධාරින්ට උපදෙස් ලබා දෙන ලදි. වෙළද සංකිරණයේ අළෙවි කරන මත්ෂ්‍යයන්ගේ හා අස්වලගුණාත්මක බවය සොයා බැළිම සදහා නාරා අයතනයේ පරික්ෂණ කණ්ඩායමක් යොවන ලෙසටද උපදෙස් ලබා දෙන ලදි. ප්‍රදේශයේ මහජන පරින්ෂකවරයාගෙන් මත්ෂ්‍ය සංකිරණයේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් සතියකටවරක් ලබා ගැනිමටද කටයුතු කරන ලෙස අමාත්‍යවරයා නිළධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.
මත්ෂ්‍ය සංකිරණයේ සිදුවන සොර මැරකම් මැඩළිම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පෑලියගොඩ පොලිස් ස්ථානධිපතිවරයා දැනුවත් කළේ ය. තවද වෙළඳ සංකිරණයේ සිදු කිරිමට ඇති සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කර අවසන් කරන ලෙසත් මත්ෂ්‍ය සංකිරණයට විදුලිය ලබා ගැනිමට සොලා පද්ධතියක් සවිකිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදි.