වර්තමානය වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හා යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හා එම පනත්කෙටුම්පත සම්මතවීමෙන් පසුව ඇති වන දේශපාලන ස්ථාවරත්වය තුළින් ආර්ථික ස්ථාවරය ළගා කර ගත හැකි ආකාරය පිළිබදව එහිදී අධිකරණඅමාත්‍යවරයා තානාපතිවරයා දැනුවත් කළේය.
ශ්‍රී ලංකාව සහ ස්වීට්සර්ලන්තය අතර දිගු කාලයක සිට ආර්ථික හා දේශපාලන වශයෙන් දැඩි මිත්‍රත්වයක් පවතින බවත් , මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ පාඇති ආර්ථික ආර්බුදයෙන් ගොඩ ඒම සඳහා ස්වීට්සර්ලන්ත රජයේ සහාය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
වර්තමානය වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝගයන් පිළිබදව තම අවධානය යොමුව ඇති අතර ඉන් මිදීම සදහා සිය උපරිම දායකත්වය ශ්‍රීලංකාටට ලබා දෙන බව තානාපතිවරයා මෙහිදි සදහන් කළේය.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ද මෙම අවස්ථාවට එක්විය.