මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර කෘෂි නවෝදය වැඩසටහන යටතේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරමින්, ආහාර සුලභ කිරීම සදහා මධ්‍යම පළාතේ අවධානය යොමු කර තිබේ. ඒ අනුව එකී අරමුණ සාක්ෂාත් කර ගැනීම සදහා ක්‍රියාවට නැංවිය යුතු කාලීන වැඩසටහන් සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (30) පැවැත්විය.
පළාත් සභාවේ රාජ්‍ය ආයතන සහ මධ්‍යම රජයේ ආයතන ඒකාබද්ධව එකී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදුකිරීම සදහා මෙහිදී අවධානය යොමු කළ අතර, සතියේ එක් දිනක් භෝග වගාව සදහා යොදාගැනීමට ද මෙහිදී යෝජනා විය. මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ පවතින අභියෝගකාරී ආර්ථික වතාවරණය තුල හෙට දවස වෙනුවෙන් අද සිටම සියලු දෙනා එක් ව වැඩ කළ යුතු බවයි. දේශීය ආර්ථිකය කෙතරම් ශක්තිමත් ව පැවතුනා ද යන්න අතීතය දෙස හැරී බැලූ විට පසක් වන අතර, ලෝකයේ දියුණු රටවල් වලට පවා සහල් අපනයනය කළ අප රට අද වන විට විදේශයන්ගේ ආනයන මත යැපීමට සිදුවීම කණගාටුවට කරුණක් බවත් ය. වර්තමාන තරුණ පරපුරද දායක කර ගනිමින් දේශීය ආර්ථීකය සවිබලගැන්වීමේ මෙහෙයුම ක්‍රියාවට නැංවීම සිදු කළ යුතුව පවතින බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම් ඇතුළු පළාත් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, මාතලේ, මහනුවර සහ නුවරළිය දිස්ත්‍රීක්යන්හී දිස්ත්‍රීක්ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විය.