ඔහු ඊයේ (05) මාධ්‍යයට අදහස් දක්වමින් මෙම අදහස් පළකළේය.
මෙය ඉතා පහසුවෙන් දරුවෙකුගෙන් තවත් දරුවෙකුට බෝ විය හැකි රෝගී තත්ත්වයක් බව සදහන් කළ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ මෙම දිනවල දරුවෙකුට උණත් සමග ශරීරයෙහි රතු ලප හෝ වතුර පිරුණු බිබිලි හෝ කටෙහි රතු ලප වැනි දෑ සෑදුනහොත් එම දරුවාව පෙර පාසලට, දිවා සුරැකුම් මධ්‍යස්ථානයට හෝ පාසලට යැවීමෙන් වැළකී දින තුනක් හතරක් නිවසේ රදවා තබාගන්නා ලෙසයි.
මෙම තත්ත්වය හේතුවෙන් කලාතුරකින් කෙනෙකුගේ නියපොතු හැලී යාමට හැකි බවද, එම නිසා සින්ක් අඩංගුආහාර හෝ සින්ක් සිරප් එකක් එම දරුවන්ට ලබාදීම යෝග්‍ය බවද අවධාරණය කළ වෛද්‍යවරයා නියපොතු හැලුනද නැවත නියපොතු වර්ධනය වන බැවින් බිය නොවන ලෙසද මෙය මාරාන්තික රෝගයක් නොවන බවද අවධාරණය කළේය.