අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව විවාදය 8 වැනිදා ප.ව 5.30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
තවද 2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ සාදන ලද නියමයන්ද එදින විවාද කිරීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවැසීය.
ජූනි (02) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.
මේ අතර ලබන 7 වැනිදා පෙරවරුවේ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද 2022.04.09 දිනැති අංක 2274/42 ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි සහ ණය සීමාව රු. ට්‍රිලියනයකින් ඉහළ නැංවීම සදහා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වන යෝජනාව විවාදයකින් තොරව අනුමත කර ගැනීමට නියමිතය.
අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටේ වත්මන් තත්ත්වය පිළිබද විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන්පසු ඒ පිළිබදව සභාව කල් තැබීමේ විවාදය ප.ව 5.30
දක්වා පැවැත්වීමට නියමිතය. ජූනි 9 වැනිදා ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) සහ ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග ප.ව 4.30 දක්වා විවාද කිරීමෙන් පසු සම්මත කර ගැනීමට නියමිතය. අනතුරුව ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනා යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.
මේ අතර පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය තුළ ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා පිළිබද ශෝකප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සදහා ජූනි 10 වැනිදා පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කිරීමට ද මෙහිදී තීරණය වී ඇත.
මෙම සෑම දිනකම පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වන අතර ජූනි 10 වැනිදා හැර සෑම දිනකම පෙ.ව 10.00 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) සහ මහජන පෙත්සම් පිළිබද කාරක සභාව යන කාරක සභාවල පසුවිපරම් කටයුතු සිදු කිරීමේදී පාර්ලිමේන්තුව තුළ ඒවායේ ශක්තිමත් බව වැඩි කිරීම සදහා සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ සංශෝධන පිළිබදව ද මෙහිදී අවධානය යොමුව තිබේ. ඒ අනුව මේ පිළිබදව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ලබන 7 වැනිදා ප.ව 2.30 ට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක් කැඳවීමට ද මෙහිදී තීරණය වී ඇත.
තවද පිරිවැය අවම කරගනිමින් පරිසර හිතකාමී ඊ - රාජ්‍ය සේවයක් ඇති කිරීමට අදාළව පාර්ලිමේන්තුවේ කටයුතු ද අවම කඩදාසි භාවිතයකින් යුතුව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබදව යෝජනා කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එවා තිබූ ලිපිය පිළිබදව දකමිටුවේ අවධානය යොමුවී ඇත. පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද සියලු වාර්තා හා ලේඛනවල මෘදු පිටපත් (Soft Copies) පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විශේෂ වෙබ් පෝටලයකට (Web Portal) ඇතුළත් කොට මන්ත්‍රීවරුන්ගේ පරිශීලනයට යොමු කිරීමේ හැකියාව පිළිබදවද කාරක සභාවේ අවධානය යොමුව තිබේ. මේ අනුව ඉදිරියේදී ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන ලෙස කාරක සභා සාමාජිකයන්ගේ ඒකමතික තීරණයෙන් කථානායකවරයා අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කොට ඇත.
මේ අතර විවිධ හේතු මත පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සදහා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස ජූලි මස 04 වැනි සඳුදා සම්පූර්ණ දිනය වෙන් කිරීමටද කාරක සභාව මෙහිදී තීරණය කළ බවත් මහලේකම්වරයා පැවසීය.