ඔහු මේ බව පැවසුවේ, අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ඒ යටතේ යම් බදු සහන, තීරුබදු සහන, පොළී රහිත හෝ ඉතාමත් අවම පොළී මුදලකට නිවාස ණය ලබාදෙන වැඩපිළිවෙලක් සහ වරප්‍රසාද කාඩ්පතක් ලබාදීමටද ඉතාමත් ඉක්මණින් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඔවුන්ට විශ්වාසනීයත්වය ගොඩනැගීමට සහ යම් සහනයක් ලබාදීම වෙනුවෙන් වැඩපිළිවෙලක් මේ අතරවාරයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසුවේය.