දැනට ණය සහන කාල සීමාවල සිටින සංචාරක ක්‍ෂේත්‍රයේ උදවිය සඳහා දැනට ලබා දී තිබෙන ණය සහන කාල සීමාව දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට ඊයේ (06) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය. රාජ්‍ය නොවන මුල්‍ය ආයතන සඳහා මාර්තු 31 දක්වා ලබා දී තිබූ ණය සහන කාල සීමාව මේ වන විට අහෝසි වී ඇති බවත්, අනිකුත් රාජ්‍ය බැංකු සහ මුල්‍ය ආයතන වෙත දී තිබූ ණය සීමාව ජුනි මාසයේ දී අවසන් වේ.
ඒ අනුව, මෙම ණය සීමාවන් දෙකම දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරෙන ලෙස ඉල්ලීම් කර තිබුණු අතර එම ඉල්ලීම් සඳහා ද කැබිනට් අනුමැතිය හිමි ව තිබෙන බවත් හෙතෙම මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.