පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    වරාය නගර ව්‍යාපෘතියට විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා සුවිශේෂී බදු සහන

    ජූනි 07, 2022

    වරාය නගර ව්‍යාපෘතිය සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා සුවිශේෂී බදු සහන වර්ෂ 40ක කාලයක් සඳහා ප්‍රදානය කිරීමට ඊයේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිවුණු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.

    ඔහු මේ බව පැවසුවේ අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අඳහස් දක්වමිනි.

    විදේශ විනිමය ඉපැයුම් රට තුළට වර්ධනය කරගැනීමට වන උත්සාහයේදී ප්‍රධාන ව්‍යාපෘතියක් වන (Port city) වරාය නගර ව්‍යාපෘතිය සුවිශේෂී බව සඳහන් කළ අමාත්‍යවරයා, ලොව තරගකාරී රටවල් ලොව පුරාම විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම සදහා අප රටට වඩා ඉතාම ආකර්ෂණීය සහන, වරප්‍රසාද විදේශ ආයෝජකයන්ට ලබාදෙන බවද කියා සිටියේය.

    ලෝක ආර්ථික අවපාතයත් සමග ආයෝජන ආකර්ෂණය කරගැනීම විශාල වශයෙන් අසීරු ඉලක්කයක් බවට පත්ව ඇතැයිද, උදාහරණයක් ලෙස ඕමානය වැනි රටවල් එම රටේ වරායවල් ආශ්‍රිත මුළු භූමි ප්‍රදේශ සම්පූර්ණයෙන්ම පැමිණ විවිධ කර්මාන්ත සහ ව්‍යාපාර ඇරඹීම සදහා විශාල බදු සහන යටතේ එක් එක් රට වලට වෙන්කරදී ඇතැයිද පැවසුවේය.

    මෙම විදේශ ආයෝජන කෙතරම් ආකර්ෂණය වී ඇතිද කියනවානම් අප රට තුළ සිටින ස්වජාතික ව්‍යාපාරිකයන් විශාල පිරිසක් මේ වන විට සිය කර්මාන්ත, ව්‍යාපාර විදේශ රට වලට රැගෙන යන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයිද කී අමාත්‍යවරයා බංගලිදේශය,ඉතියෝපියාව, කෙන්යාව වැනි රටවල් වලට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ගේ කර්මාන්ත මේ වන විටත් ගොස් ඇතැයිද ප්‍රකාශ කළේය.

    ලංකා ඉතිහාසයේ ලැබී ඇති විශාලතම සෘජු විදේශ ආයෝජනය වශයෙන් වරාය නගරය සදහා ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් ලැබී ඇති බව කියා සිටි අමාත්‍යවරයා මෙය ඉතිහාසයේ තනි ව්‍යාපෘතියකට ලැබී ඇති වැඩිම ආයෝජනය බවද ඒ සදහා මූල්‍ය වෙළදපොලක් ඇති කිරීමත්, බැංකු, රක්ෂණ, මූල්‍ය ආයතන, සංචාරක සේවා, හෝටල්, පාසල් හා වෙනත් විවිධ ව්‍යාපෘති සදහා විදේශ ආයෝජකයින් ආකර්ශනය කරගැනීම සදහා මෙම වසර 40ක බදු සහන ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කියා සිටියේය.

    මෙය අන්ර්ජාතික වශයෙන් අනෙකුත් රටවල් අතර ප්‍රචාරණය කිරීමද ඉතා වැදගත් බව පැවසූ අමාත්‍යවරයා මෙම අවස්ථාවේ ආයෝජන වශයෙන් හෝ අප රටට අවශ්‍ය වන ඩොලර් ලැබුණහොත් හිගයකින් තොරව තෙල්, ගෑස්, ඖෂධ ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට එය වැදගත් බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya