පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    වසරක් වැටුප් නොලබා සේවය කිරීමට සියලු ඇමතිවරුන් එකඟයි- කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    ජූනි 07, 2022

    සියලු අමාත්‍යවරුන් වැටුප් නොලබා වසරක කාලයක් සේවය කිරීම සදහා ඊයේ අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සදහා අනුමැතිය හිමිවූ බවද, ඒ සදහා කැබිනට් මණ්ඩලයේ සියලුම ඇමතිවරුන් එකඟතාවය පළ කළ බවද කැබිනට් ප්‍රකාශක,ජනමාධ්‍ය ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඔහු බව පැවසුවේ අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අඳහස් දක්වමිනි.

    රජයේ දෛනික ආදායමට වඩා බිලියන 2.4ක වැඩි වියදමක් සෑම දිනකම රජයට දැරීමට සිදුවීම හේතුවෙන් ඇතිවී ඇති දැවැන්ත මූල්‍ය අර්බුදය තුළ අග්‍රාමාත්‍යවරයා විසින් කුඩා කැබිනට් මණ්ඩලයක් පත්කර එම කැබිනට් මණ්ඩලයේ මෙම වර්ෂයේ වැටුප් නොලබා සේවය කිරීමට තීරණය කළ බව කියාසිටි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම වර්ෂයක කාලය තුළ තමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සෑම කෙනකුම රට වෙනුවෙන් බොහෝ ජනතාව සිදුකරන පරිත්‍යාගයන් සේම මෙම තීරණයට එකඟ වුණු බව අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya