පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේ දී රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම මත සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට පියවර

    ජූනි 07, 2022

    වතුකරයේ හිස් ඉඩම් සියල්ල වතුකරයේ ජනතාවට වගා කර ගැනීම සඳහා ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    රටේ පවතින කෘෂිකාර්මික තත්ත්වය සහ ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් අද (07) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ආහාර අර්බුදය සම්බන්ධයෙන් ඊයේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී මේ පිළිබඳව තීරණය වූ බව කෘෂිකර්ම ඇමතිවරයා කීය.

    අද මුළු ලෝකයම ආහාර අර්බුදයකට මුහුණ දී ඇති බවත්, අපේ රටටද එය තදින් බලපා ඇතැයි පෙන්වා දුන් කෘෂිකර්ම ඇමතිවරයා මෙසේද පැවසීය.

    පසුගිය මාස් කන්නයේ අස්වැන්න 40%කින් පමණ අඩු වුණා.එම නිසා සහල් ආනයනය කිරීමට සිදු වී තිබෙනවා. මේ වන විට යල කන්නය ආරම්භ වී තිබෙනවා. යල කන්නයේ නිෂ්පාදනය උපරිම මට්ටමේන් වැඩි කර ගන්න අප බලාපොරොත්තු වෙනවා. බත සැපයීමේ වගකීම රජයට පැවරී තිබෙනවා. අද සියළු දෙනා මෙම ආහාර අර්බුදය ගැන කතා කරනවා. එහි යහපත් ප්‍රථිඵල අද ලැබෙමින් තිබෙනවා. කුඹුරු අතහැර ගිය අය අද කුඹුරු වැඩට බහිනවා. ඉන්ධන හල් 140ක් නම් කර තිබෙනවා, කෘෂිකර්මාන්තය සඳහා ඉන්ධන සැපයීම සඳහා.

    පොහොර ප්‍රශ්නය තමා අපට තිබුණ ලොකුම අභියෝගය. ඉන්දියාව සමග සාකච්ඡා කර යල කන්නය සඳහා යූරියා මෙට්ට්‍රික් ටොන් 65,000ක් ලැබී තිබෙනවා. සහන මිලක් යටතේ මෙම පොහොර ගොවීන්ට ලබා දීමට කටයුතු කරනවා. අපි කාබනික පොහොර වලින් ඉවත් වී නැහැ. ඉහළ ප්‍රමිතියකින් යුතු කාබනික පොහොරද ලබා ගැනීමට ද කටයුතු කරනවා.

    ඉදිරියේ දී රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම මත සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට කටයුතු කරන බවද කෘෂිකර්ම ඇමතිවරයා කීය.

    කෘමි නාශක සහ වල් නාශක හිතූ හිතූ මිල ගණන් යටතේ වෙළෙඳ පොළේ අලෙවි වන බව කී අමාත්‍යවරයා අධික මිල ගණන් යටතේ වෙළෙඳපොළේ අලෙවි වන බව තමා පිළිගන්නා බව කී අමාත්‍යවරයා ඩොලර් අර්බුදය සහ වෙළෙඳ පොළ හිඟය මීට හේතු වී ඇතැයි කීය.බීජ සම්බන්ධයෙන් ද තත්ත්වය මෙසේ බවත් මහ බැංකු අධිපතිවරයා ඩොලර් මිලියන 05ක් බීජ ආනයනය කිරීම සඳහා ලබා දුන් බවද කීය.

    මිරිස් බීජ ආනයනය කිරීම සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් මිරිස් බීජ ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කී අමාත්‍යවරයා, කෘෂිකර්ම අමාත්‍යංශය හයිබ්‍රිඩ් වර්ගයේ මිරිස් බීජ ආනයනය කර ඇති බවත් රටින් ගෙන්වන බීජ වලට වඩා උසස් තත්වයේ මිරිස් බීජ බවද කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya