පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    ජාතික පොසොන් උත්සවයට සියල්ල සූදානම්

    ජූනි 07, 2022

    2022 ජාතික පොසොන් උත්සවය මිහින්තලාව, අනුරාධපුර අටමස්ථානය හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    2330 වන වරට පවත්වනු ලබන මෙවර පොසොන් උත්සවයේ තේමාව “දේශය මිත්‍යාවෙන් මුදා ගනිමු” යන්නයි. එළැඹෙන 10 වනදා (ඉරිදා) සවස ඉසුරුමුණි විහාරය අසලින් පැන් පෙරහැර ආරම්භ වෙයි. එදින සන්ධ්‍යාවේ වාර්ෂික සති පිරිත ඇරඹෙයි. සෑම වසරකම රුවන්වැලි සෑය අභියස හා මිහින්තලා පුදබිමේ පවත්වන හේවිසි මහා පුජාව මෙවර ද පැවැත්වේ.

    අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සහ දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ජේ.කේ ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්, ඊයේ (06) පොසොන් උත්සව කමිටුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වූ අතර එහිදී මෙවර පොසොන් උත්සවය වැඩසටහන සාකච්ඡා කෙරිණ.

    ඉකුත් වසරවල ජාතික පොසොන් උත්සවයේදී දන්සල් 200ක් පමණ පැවැත්වූවත්, මෙවර තවමත් ලියාපදිංචි වී ඇත්තේ දන්සල් 15ක් පමණි. විදුලි අර්බුදය හේතුවෙන් පොසොන් උත්සවයේදී අඛණ්ඩව විදුලිය ලබා දීම සිදුවන්නේ පුජා භුමි වල විශේෂ ආගමික වතාවත් සිදුකෙරෙන ස්ථානවලට පමණි. පොසොන් පොහොයට අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක ජිවිත ආරක්ෂක සේවාවක් ශ්‍රීලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කෙරේ. එසේම නගරයේ සනීපාරක්ෂාව තහවුරු කිරීමට සෞඛ්‍යාරක්ෂිත වැඩ පිළිවෙලක් නගර සභාව සහ පරිසර ආරක්ෂණ අධිකාරිය එක්ව සැලසුම් කර ඇත. මෙවර පොසොන් සතියේදී විනෝද සැණකෙළි කිසිවක් නොපැවැත්වේ. එසේම ජාතික පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර මහමෙවුනා උයන, සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානය, ථූපාරාමය හා මිරිසවැටිය චෛත්‍ය ස්ථාන ආශ්‍රිතව තොරතුරු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමට ද නියමිතය.

    මොහාන් සමරනායක
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya