පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    ඉන්ධන ආනයනය කිරීමට ඉන්දියානු ණය ක්‍රමය යටතේ තවත් ඩොලර් මිලියන 500 ක අනුමැතියක්

    ජූනි 07, 2022

    රටට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම වෙනුවෙන් ජුනි මාසය සඳහා පමණක් ඩොලර් මිලියන 557 මුදලක් අවශ්‍ය බවත් පසුගිය මාස (03) කාලය ඉන්ධන ලබා ගැනීමේදී ඉන්දියානු ණය ආධාර ක්‍රම යටතේ ඩොලර් මිලියන 500ක් සහ ඩොලර් මිලියන 200 ණය මුදලක් ලැබුණු බවද විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ,මේ මාසයට අවශ්‍ය ඉන්ධන තොග ඉන්දියානු ණය ක්‍රමයෙන් ලැබුණු ඉතිරී වූ මුදල්වලින් ලබා ගැනීමට කටයුතු කරන බවත් ඉදිරියේදී ඉන්ධන ආනයනය කිරීමට ඉන්දියානු ණය ක්‍රමය යටතේ තවත් ඩොලර් මිලියන 500 ක අනුමැතියක් ලැබි ඇති බවත්ය.

    මේ වන විට රට තුළ ඉන්ධන සංචිත සහ ඉන්ධන ප්‍රමාණයන් නිකුත් කිරීම සම්බන්ධයෙන් කතිකාවක් ගොඩ නැගී ඇති බව කී අමාත්‍යවරයා,පසුගිය මාර්තු මස සිට ඉන්ධන නිකුත් කිරීම පිළිබඳව විශ්ලේෂණයක් කර බැලු විට ඛනිජ තෙල් සංස්ථාව රටේ අවශ්‍යතාව වෙනුවෙන් නිකුත් කර ඇති ඉන්ධන සම්බන්ධයෙන් පසුගිය වර්ෂවලට සාපේක්ෂව පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල ගැටලුකාරි තත්ත්වයක් පැන නැගී ඇති බව ද කිවේය.

    එසේම සාමාන්‍යෙයන් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 5400ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3400ක් වෙළඳපලට නිකුත් කරන බව පැවසු අමාත්‍යවරයා , මේ වනවිට ඇති ඉන්ධන සංචිත සහ ඉදිරියේදී ලැබීමට නියමිත ඉන්ධන කළමනාකරණයක් කළ යුතු බැවින් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 3400 ක් ද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2800ක් වශයෙන් නිකුත් කරන බවද කිවේය.

    මෙම මස 09 වැනිදා සහ 10 වැනිදා ඉන්ධන නෞකා 02ක් පැමිණීමට නියමිත බව පැවසූ අමාත්‍යවරයා, නැවත දෛනිකව ලබා දෙන ඉන්ධන ප්‍රමාඛයන් ඒ අකාරයෙන්ම ලබා දිය හැකි බවද කීය.

    ඉන්ධන බෙදා හැරීමේ දී ප්‍රමුඛතාවයක් ලබා දෙන බව කී අමාත්‍යවරයා, විදුලිබල මණ්ඩලයට,ගමනාගමන මණ්ඩලයට,පෞද්ගලික බස්රථ , වරාය ඇතුළු ආර්ථික මරමස්ථාන , සංචාරක ක්ෂේත්‍රයේ මගී ප්‍රවාහන රථ සඳහා,පාසැල් ළමුන් ප්‍රවාහන බස්රථ සඳහා ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ධීවර සහ කෘෂී කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා ද ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කරන බවද කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya