පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    කෝප් සභාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

    ජූනි 08, 2022

    කෝප් කමිටුව විසින් පසුගිය කාලය තුළ විමර්ශනයට ලක්කළ ආයතන කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා (07) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

    මීට පෙරකෝප් කමිටුව විසින් විමර්ශනයට ලක් කළ ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධ විමර්ශනයේදී එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සමාජිකයෙක්ව සිටි සමන්ත කුමාරසිංහ මහතාගේ නම රාණි ජයමහ මහත්මිය විසින් සිදු කළ අනාවරණයේදී සාකච්ඡාවට ලක් කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඒ මහතා විසින් එවා ඇති කරුණු දැක්වීම මෙහිදී සභාපතිවරයා විසින් සභාගත කරන ලදී. සමන්ත කුමාරසිංහ මහතා විසින් දක්වා ඇති නිරීක්ෂණ කරුණු ඇතුළත් 2022 මැයි 30 දිනැති ලිපිය මෙම කාරක සභා වාර්තාවට ඇතුළත් කරන බවද සභාපතිවරයා පැවසීය.

    මහජන බැංකුව සම්බන්ධව කෝප් කමිටුව විසින් සිදු කරන ලද විමර්ශනයේදී ණය නොගෙවීම සම්බන්ධව නවලෝක ගෲප් ඔෆ් කම්පනීස් ආයතනය පිළිබඳ සිදුවූ සඳහන් කිරීම පිළිබඳව නවලෝක සමූහ ව්‍යාපාරය විසින් 2022 මැයි 30 දින විශේෂ ලිපියක් යොමු කොට ඇති බවත්, නවලෝක ගෲප් යටතේ පවතින සමාගම් 12ක් ඉහත සඳහන් ණය නොගෙවීමට සම්බන්ධ නොවන බවට එහි දක්වා ඇති බවත් සඳහන් කළ සභාපතිවරයා එම ලිපියද සභාගත කළේය.

    එමෙන්ම පසුගිය සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදීඖෂධ තොග කළමණාකරණ පරිගණක පද්ධතිය සම්බන්ධව විමර්ශනය සිදුකළ අතර ඒ සඳහා එවකට අමාත්‍යාංශ ලේකම් ආචාර්ය රත්නායක විසින් ඉදිරිපත් කොට තිබූ ඊට අදාල වියදම් පිළිබඳ කරුණු පාදක වූ බවද සභාපතිවරයා පැවසීය.

    මේ සම්බන්ධ පෞද්ගලික පාර්ශවයක් වූ ඊ විස් ඉන්ෆොමේෂන් සිස්ටම් ලිමිටඩ් නම් සමාගම විසින් කෝප් විමර්ශනයේ වැරදි සහගත බවක් ඇතැයි මාධ්‍ය
    වෙත කරුණු දක්වා ඇති අතර ඔවුන්ගේ ස්ථාවරය 2022 ජූනි 03 වැනිදින කාරක සභාව වෙත ලිපියක් මගින් ඉදිරිපත් කොට තිබේ. සභාපතිවරයා පැසුවේ ඊ විස් ඉන්ෆොමේෂන් සිස්ටම් ලිමිටඩ් දක්වා ඇති පරිදි ඔවුන් ඉහත පද්ධතිය වෙනුවෙන් ලබාගෙන ඇති‍තේ රුපියල් මිලියන 223,120,458.73ක් බවයි.

    එමෙන්ම මේ සම්බන්ධව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය විසින් කොප් කමිටුව වෙත දක්වා ඇති ලිඛිත ස්ථාවරය අනුව ඊ විස් ඉන්ෆොමේෂන් සිස්ටම් ආයතනය වෙත රුපියල් මිලියන 458,591,910.6ක් ගෙවා ඇති බවත් ඊ විස් සොලියුෂන් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය වෙත රුපියල් මිලියන 66,176,348.98ක් ගෙවා ඇති බවත් සඳහන් බව සභාපතිවරයා පැවසීය. ඒ අනුව මුළු එකතුව රුපියල් මිලියන 524,768259.4ක් ගෙවා ඇති බව සඳහන් කොට තිබේ. කෝප් සභාපතිවරයා මෙම වාර්තා දෙකම සභාගත කළ අතර මේ පිළිබඳ වි‍ශේෂ පරික්ෂණයක් පැවැත්වීමට විගණකාධිපතිවරයාට කෝප් කමිටුව නිර්දේශ කළ බවත් එම වාර්තාව මසක් ඇතුළත ලැබෙන බවත් ඉන් පසු මේ සම්බන්ධව සම්පූර්ණ වාරාතාවක් රට හමුවේ තැබීමට කටයුතු කරන බවත් පැවසීය.

    ඊට අමතරව පසුගිය කාරක සභාවේදී මතුවූ පරිගණක පද්ධති සම්බන්ධ ගැටළුවට පිළියම් සෙවීමට තොරතුරු තාක්ෂණය සම්බන්ධ නිපුණාතාවය ඇති මෙරට තරුණ ප්‍රජාව වෙත සිදු කළ ආරාධනයට විශාල වශයෙන්ප්‍රතිචාර දක්වා ඇති බවත් සඳහන් කළ කෝප් සභාපතිවරයා ඒ පිළිබඳ සිය ස්තූතිය පල කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya