රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් ගුවන් යානය රදවා තබා ගැනීමේ සිද්ධියට අදාළ චෝදනාවට ලක්ව සිටින කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර.......
රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් A 330 ගුවන් යානය රදවා තබා ගැනීමේ සිද්ධියට අදාළ කොළඹ වාණිජ මහාධිකරණය මගින් නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියාවේ යෙදවීමේදී අධිකරණ ක්‍රියාවලිය අයුතු ලෙස යොදවා ගෙන ඇති බවට චෝදනාවට ලක්ව සිටින කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මේ අතර මෙම සිද්ධියට අදාළව චෝදනා ලබා ඇති නීතිඥවරයාට එරෙහිව පියවර ගැනීම සුදුසු බව දන්වමින් ගරු අග්‍රවිනිශ්චයකාරතුමා වෙත දන්වා යැවීමට ද අධිකරණ අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
නීතිඥ දසුන් නාගස්හේන
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම්