පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    යුරෝපා සංගමය විසින් මෙහෙයවනු ලබන ශඛ්‍යතා වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහනක්

    ජූනි 08, 2022

    යුරෝපා සංගමය විසින් මෙහෙයවනු ලබන ශඛ්‍යතා වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී ආරම්භ වේ

    යූරෝපා සංගම‍යේ, පුළුල් ඉන්දීය සාගර කලාපයේ අවධානම් සහගත මුහුදු ගමන් මාර්ග සම්බන්ධ ව්‍යාපාතියේ දෙවන අධියර (Critical Maritime Route Wider Indian Ocean – CRIMARIO II) යටතේ ඉන්දු ශාන්තිකර කලාපීය තොරතුරු හුවමාරුකර ගැනීමේ වැඩසටහන (Indo-Pacific Regional Information Sharing - IORIS) මඟින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් රාජකාරී සිදු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්ගේ ශඛ්‍යතා වර්ධනය කිරීමේ දින 05ක පුහුණු වැඩසටහනක්, නාවික හමුදා මූලස්ථානය සහ නාවික විධානයන් නියෝජනය කරමින් මෙහෙයුම් රාජකාරි සිදු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන් 14 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ජුනි මස 06 වන දින කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී ආරම්භ විය.

    තවද, මෙම පුහුණු වැඩසටහනට සමගාමීව CRIMARIO ව්‍යාපෘති අධ්‍යක්‍ෂ මාර්ටින් කාඋචි ඉන්ග්ලොට් මහතා (Martin Cauchi Inglott) ඇතුළු දූත පිරිසක්, ශ්‍රීලංකාවේ යූරෝපා සංගමය සඳහා වන විශේෂ උපදේශක, අද්මිරාල් (විශ්‍රාමික) පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 මැයි මස 27 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය. එහිදී, මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් CRIMARIO ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ සහ නාවික හමුදාධිපති අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි

    බටහිර ඉන්දීය සාගර කලාපීය රාජ්‍යයන් අතර කලාපීය සමුද්‍රීය වපසරිය පිළිබඳ දැනුවත්වීම (Maritime Domain Awareness – MDA) සහ තොරතුරු හුවමාරු කරගැනීමේ යාන්ත්‍රනය සම්බන්ධයෙන් සහයෝගීත්වය ගොඬනැඟීමේ අරමුණෙන් මෙම ව්‍යාපෘතියේ පළමු අධියර (CRIMARIO I) 2015 වර්ෂයේදී ආරම්භ කර ඇත. 2020-2024 කාලසීමාවේදී ක්‍රියාව‍ට නැංවෙන එම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ දකුණු සහ ගිණිකොන ආසියානු කලාපය දක්වා ව්‍යාපෘතිය ව්‍යාප්ත කර ඇති අතර, මුහුදේ නීතිය බලාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙම ව්‍යාපෘතිය මඟින් කලාපීය රාජ්‍යයන් සමඟ සම්බන්ධීකරණය වීම සිදුවේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya