අමාත්‍යවරයා මේ බව පැවසවේ අද (08) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා නව යෝජනා ඉදිරිපත් කිරීමට නව වෙබ් අඩවියක් පිහිට වූ බවත් ඒ් සඳහා විශ්ව විද්‍යාල ප්‍රජාව , ඇතුළු නොයෙකුත් විද්වතුන් නව යෝජනා 2600ක් පමණ ඉදිරිපත් කළ ඇතැයිද අමාතයවරයා කීය. පින්ලන්තය, සිංගප්පූරුව සහ ඉන්දියාව වැනි රටවල අධ්‍යාපන ක්‍රම ආදර්ශයට ගනිමින් මෙම නව ප්‍රතිසංස්කරණ සඳහා සැළසුම් සකස් කර ඇතැයිද කීය.
මහජන නියෝජිතයින් මේ පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා ඉදිරියේදී ආංශික අධීක්ෂණ සභාවට නව අධ්‍යාපන ප්‍රතිංසස්කරණ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරිමට තමා බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය
එළඹෙන ජනවාරි මස සිට ගුරු පුරප්පාඩු රැසක් සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය. දැනට රාජ්‍ය සේවයට බඳවාගෙන ඇති වයස අඳවුරුදු 35ට අඩු උපාධිධාරින්ගෙන් දැනට පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා අමාතය මණ්ඩල අනුමැතිය හිමි වූ බවත් ඒ අනුව පුහුණුව ලබා දී ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවද කීය.