පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    දුම්රිය ගාස්තු සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි

    ජූනි 08, 2022

    රටේ ඇතිවී තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ,මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් හදිසි වර්ජන හෝ වෘත්තීය ක්‍රියාමාර්ගවල නොයෙදෙන ලෙස විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා දුම්රිය වෘත්තීය සමිති සහ සේවකයින් කැඳවා ඉල්ලා සිටි බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේදි යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.

    වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවේ , දුම්රිය ගාස්තු සඳහා යම් ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවයි. ඩීසල් මිල අධික ලෙස ඉහළ යෑම නිසා දුම්රිය වියදම ද ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, කොළඹ සිට යාපනයට දුම්රියක් ධාවනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 13ක ඉන්ධන වැය වන බවත් එම දුම්රියේ මගීන් 500ක් පමණ ගමන් කළත් ආදායම ලෙස ලැබෙන්නේ රුපියල් ලක්ෂ 10ක් පමණක් බව පෙන්වා දුන්නේය.

    මේ අනුව යාපනයට යන එක දුම්රිය ගමනකින් රුපියල් ලක්ෂ තුනක පාඩුවක් විඳින්නට සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya