පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    ඉන්ධන ගැටළුව හෝ අනෙකුත් හේතු නිසා තවදුරටත් පාසල් දින අහිමිකර ගත නොහැකියි

    ජූනි 08, 2022

    රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ දරුවන් හෝ ගුරුවරුන් ප්‍රමාද වී පාසලට පැමිණිය ද ඒ සඳහා යම් සහනයක් ලබා දෙන ලෙසත් ඒ සම්බන්ධයෙන් අදාළ චක්‍රලේඛය ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යංශය විසින් යොමු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(08) පාර්ලිමේන්තුවේදි ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    2020 වර්ෂයේ පාසල් පැවැත් වීමට තිබූ දින ගණන 194කි.කොවිඩ් ව්‍යසනය හේතුවෙන් එයින් පාසල් පැවැත් වූයේ දින 117කි. එයින්ද බස්නාහිර පළාතේ පාසල් පැවැත් වූයේ දින 94කි.2021 වර්ෂයේ පාසල් පැවැත් වීමට තිබූ දින ගණන 229 කි. එයින් බස්නාහිර පාසල් පැවැත් වූයේ දින 102ක් පමණි. 2022 පළමු වාරයේ දින
    23න් දින 14ක් පමණක් පාසල් පැවැත් වූ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම පාසල් දින අහිමි වීම අහිමි වීම විශාල වශයෙන් දරුවන්ට බලපාන බව පෙන්වා දුන්නේය.
    විශේෂයෙන්ම පළමු සහ දෙවන ශ්‍රේණියේ දරුවන්ට මෙය බලපාන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ ඔස්සේ මුළු පරම්පරාවක්ම සාක්ෂරතා ගැටළුවට මුහුණ දෙන බවද කීය.ඒබැවින් ඉන්ධන ගැටළුව හෝ අනෙකුත් හේතු නිසා තවදුරටත් පාසල් දින අහිමිකර ගත නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මාර්ග ගත අධ්‍යාපන ක්‍රමයද අපේ රට තුළ එතරම් සාර්ථක නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, යටිතළ පහසු කම් සීමා සහිත වීම සහ අන්තර්ජාල පහසුකම් අවම වීම මීට බලපාන බවත් ඒබැවින් පන්ති කාමරය තුළ සිදු කරන අධ්‍යාපනය වඩාත් සාර්ථක බවද පෙන්වා දුන්නේය. එබැවින් මෙම අභියෝගයට මුහුණ දෙමින් කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
    මෙම වසරේ අගෝස්තු මස පැවැත් වීමට තිබූ උසස් පෙළ විභාගය ඔක්තොම්බර් මස පැවැත් වීම සම්බන්ධයෙන් ද මේ වන විට පළාතෙන්
    පළාත‌ට සමීක්ෂණයක් සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය. විෂය නිර්දේශ ආවරණය කිරීම සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් මෙම සමීක්ෂණය සිදු කර විභාගය පවත්වන දින සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බවද අමාත්‍යවරයා කීය.
    දෙවන වරට උසස් පෙළ විභායට පෙනී සිටි දරුවකුට විභාගයට පෙනී සිටීමට අවශ්‍ය කාලය ලබාදීම සහ පළමු වරට විභාගයට මුහුණ දෙන දරුවකුට විෂය නිර්දේෂ ආවරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරන බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya