අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද(08) පාර්ලිමේන්තුවේදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
තමන්ගේ වැටුප් වැඩිකර ගනිමින් එම බර ජනතාව වෙත පැටවීමට විදුලි ගාස්තු වැඩි කරනවා වෙනුවට විදුලිබල මණ්ඩලය විසින් විදුලි උත්පාදන පිරිවැය අඩු කර ගැනීම සඳහා වන පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති ඉදිරියට සිදුකරගෙන යෑමට කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් සෑම වසර 03 කට වරක් සීයයට 25කින් ඉහළ දැමිය යුතු බවට වන සාමුහික ගිවිසුමක් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පුනර්ජනනීය බලශක්තිය හෝ උත්පාදනයේ පිරිවැය අඩු කිරීම සඳහා කිසිදු සැලසුමක් නොමැතිවීම නිසා වැටුප් සහ විදුලි උත්පාදනය සඳහා වන අධික පිරිවැය විදුලි පාරිභෝගිකයින් මත පැටවෙන බව අමාත්‍යවරයා පැවසීය.එම තත්ත්වය වෙනස් කළ යුතු බවත් එයට සුදුසු කාලය මෙය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.