විදුලිබල පනතට එරෙහිව අද රාත්‍රියේ සිට සිදු කිරීමට යන වැඩවර්ජනට සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අකමැති ඇතැම් කණ්ඩායම් මෙම පනත සංශෝධනයට විරුද්ධ වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම පනත සශෝධනය කිරීම තුළින් කිසිදු තරඟකාරී බවක් අහිමි නොවන බවත් මෙම කටයුත්ත කඩිනම් කිරීම පමණක් මේ මගින් සිදුවන බව අමාත්‍යවරයා පැවසීය.
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු පිරිසක් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය. මෙම සශෝධනයෙන් පසුවද විදුලි මිල තීරණය කිරිමේ අයිතිය ඇත්තේ ඒ සඳහා ඇති කමිටුව බවද අමාත්‍යවරයා කිය.