ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව කියා සිටියේ, කුසලතා හා නිපුණතා වලින් සමන්විත සංචිතයක් නිර්මාණය කිරීම සම්බන්ධව පසුගියදා අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවක දීය.
එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.
විදේශ විනිමය හිඟය හේතුවෙන් රට තුළ පවතින වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමුකළ යුතුයි.
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවන බොහෝ දුෂ්කරතා නිසා විරැකියාව හේතුකොටගෙන තරුණ අසහනයක් නිර්මාණය වෙමින් පවතිනවා. මෙම අර්බුදය මුල් කොටගෙන යෞවනයන් ගෝලීය මට්ටමට පෙළගස්වා ඔවුන් නිපුණතා වලින් සවිබල ගැන්වීමෙන් මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වය යම්තාක් දුරකට සහනයක් ලැබෙයි.
වැඩි ඉල්ලුමක් ඇති ඉහළ වැටුප් සහිත විභවයන් හා ගමනාන්ත මොනවාද යන්න අපි මැදිහත්ව මේ දිනවල පෙළගස්වමින් සිටිනවා. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, වෙනත් ආයතන හා සම්බන්ධීකරණය කර කුසලතා හා නිපුණතා වලින් සමන්විත සංචිතයක් නිර්මාණය කිරීම අපේ ප්‍රධාන අරමුණ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
රැකියා අවස්ථා ඇති හඳුනාගත් රාජ්‍යයන් දැනුම්වත් කර එම අවස්ථාවන් අපේ රටට ලබාගැනීමට කටයුතු කරන ලෙස දන්වා විදේශ කටයුතු අමාත්‍යාංශයට ලිපියක් යොමු කිරීමට ද අමාත්‍යවරයා පියවර ගත්තේ ය.