එලෙස කොන්දක් තිබෙන පුද්ගලයන් වගකීම් බාර ගැනීමට බිය නොවන බවත් එහෙත් සහයෝගය ලබා දෙන්නම් කියමින් කකුලෙන් ඇඳ හිකනලි නොකරන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා කීවේය.
කවුරු පිළිගැනීමට අකමැති වුණත් මේ වන විට රට තුළ තිබෙන්නේ නිර්පාක්ෂික ආණ්ඩුවක් බව පැවැසූ ප්‍රනාන්දු මහතා එම ආණ්ඩුව ඇතුළේ අලුත් කමිටු ක්‍රමයක් හදන්න තීරණය කර තිබෙන බව කියා සිටියේය.ඒ තීරණය අනුව හර්ෂද සිල්වා මහතාගේ නම යෝජනා වුණ බවත් අදටත් එතුමාගේ නම කොතනකින්වත් අයින් කර නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
සහයෝගය ලබාදීම සහ වගකීම් බාර ගැනීම අතර ලොකු වෙනසක් තිබෙන බව පැවැසූ ඒ මහතා, පාර්ලිමේන්තුවත්, රටේ ජනතාවත් ඉල්ලන්නේ එම වෙනස බව පැවසීය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය
''ගොඩක් අය පිළිගන්න අකමැති වුණත් මේ තිබෙන්නේ නිර්පාක්ෂික ආණ්ඩුවක්. මේ නිර්පාක්ෂික ආණ්ඩුව ඇතුළේ අලුත් කමිටු ක්‍රමයක් හදන්න තීරණය කළා. ගොඩක් මිනිස්සුන්ට කියන්න පුළුවන් අපි පැත්තක ඉදන් උදව් කරනවා කියළා. හැබැයි කොන්දක් තිබෙන උන්ට විතරයි වගකීමක් ගන්න පුළුවන්. ඒ දේ මම මේ අවස්ථාවේ මතක් කරනවා. මේ රටේ ප්‍රශ්නයක් තිබෙන වෙලාවක කන්න බැරුව ඉන්න කොට පටු අරමුණුත් එක්ක නෙවෙයි ඉන්න ඕන. රට වෙනුවෙන් වගකීමක් ගන්න එකයි. යම් කිසි කෙනෙක්ට කියන්න පුළුවන් මට සහයෝගය දෙන්න පුළුවන් කියලා. සහයෝගය දෙන එක සහ වගකීම ගන්න අතර ලොකු වෙනසක් තිබෙනවා. ඒ වෙනසයි මේ පාර්ලි මේන්තුව ඉල්ලන්නේ. ඒ වෙනසයි මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ. නිකන් පැත්තක ඉදන් අපි සහයෝගයක් දෙනවා බයවෙන්න එපා කියලා කකුලෙන් ඇඳලා නිකන් හිකනලි වැඩ කරන්න එපා. විපක්ෂයට කියනවා.''