පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    විගමණික ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සඳහා වැඩි වරප්‍රසාද ලබාදෙන්න

    ජූනි 10, 2022

    විගමණික ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සඳහා වැඩි වරප්‍රසාද ලබාදෙන ලෙස විදේශ රැකියා ඇමති ලංකා බැංකුවෙන් ඉල්ලයි.

    ශ්‍රි ලාංකික විගමනික ශ්‍රමිකයින් විසින් ඔවුන්ගේ ආදායම් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට ප්‍රේෂණය කිරිමේදි ලබාදෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කළේය.

    ඊයේ (09 දින ) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී මෙම හමුව පැවැත්විණ.

    එහිදී බැංකු මාර්ගයෙන් මුදල් එවන ශ්‍රමිකයින්ට වැඩි ප්‍රතිලාභ ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ලංකා බැංකු නිළධාරීන්ගෙන් ඉල්ලා සිටි අතර, ඒ සඳහා ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාර හිමිවිය.

    මෙම අවස්ථාවට ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරි K.E.D. සුමනසිරි, කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී අනුර ලියන්වෙල යන මහත්වරුන් ඇතුළු ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයේ නිළධාරින් පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya