යල වගා කන්නයේ ක්ෂණික යූරියා පොහොර ඉල්ලුම සපුරාලීම සඳහා මෙට්‍රික් ටොන් 65,000 ක යූරියා පොහොර ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයෙන් ණය පහසුකම් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, ඉන්දියාවෙන් යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 55 ක ඩොලර් ණය මාර්ගයක් පිරිනැමීමට ඉන්දීය රජය එකඟ විය.
ගිවිසුම අත්සන් කිරීම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බග්ලේ මහතා ද සහාභගි විය . එමෙන්ම කෳෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊට එක් වුනා .
රට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල උග්‍ර හිඟයකට මුහුණ දී සිටින බැවින් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම තම ප්‍රමුඛතාවය බව අග්‍රාමාත්‍යවරයා මීට පෙර පෙන්වා දුන්නා . මෙම ණය පහසුකම ඉදිරි යල කන්නය සඳහා යූරියා ලබා ගැනීම සහතික කිරීමට උපකාරී වනු ඇත .