මෙම පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව අධ්‍යාපන අමාත්‍යතුමා විසින් 2022 බෙරවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව එම වාර්තාව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට ඊයේ (09) ඉදිරිපත් කරන ලද අතර එහිදී ඒ පිළිබඳ සාකච්ඡා කොට සලකාබලා සංශෝධන සහිතව අනුමතිය ලබා දී තිබේ.
ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව එහි සභාපති නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර ඒ මහතා නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ධුරයන්ට පත්වීමේන් පසු සහභාගීවූ පළමු කාරක සභාව මෙය වේ.
මෙම කාරකසභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සිසිර ජයකොඩි, චන්දිම වීරක්කොඩි, අනුප පස්කුවෙල්, බී. වයි.ජී රත්නසේකර, ප්‍රේම්නාත් සී. දොලේවත්ත, ජයන්ත වීරසිංහ යන මහත්වරු සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධ්‍යපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.