පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    පොසොන් පිංකමේ පැන් පෙරහැර අවසන්

    ජූනි 12, 2022

    2330 පොසොන් සැමරුමට සමාගාමී පවත්වන පැන් පෙරහැර පසුගිය දා ඉසුරුමුණිය රාජමහා විහාරස්ථානය අසළින් ආරම්භ විය.

    තිසාවැවෙන් හා දිස්ත්‍රික්කයෙ අනෙකුත් ජලාශවලින් ලබාගන්නා පැන් , පෙරහරකින් ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ අසළට පෙරහැරකින් රැගෙන යාම සිදුවේ. මෙවර පැන් පෙරහැර පැවැත්වුනේ වසර කිහිපයකට පසුවය.
    ඉසුරුමුණිය රාජමහා විහාරාධිපති පූජ්‍ය මතව ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ මුලිකත්වයෙන් පැවැති ආගමික වතාවත් වලින් පසුව පෙරහැර ආරම්භ කෙරිණී.
    පොසොන් කමිටුවේ සභාපති දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ප්‍රමුඛ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
    මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශිය ලේකම් ගාමීණි සේනාරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කරන මෙම පැන් පෙරහැර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසට පැමිණිමෙන් පසුව මහ මෙව්නා උයනේ පිහිටි පිරිත් මණ්ඩපයේ ඇති පැන් පාත්‍රයට පැන් පිරවීම සිදු කළේ ය.. මෙවර පෙරහැරට ද සංස්කෘතිකාංග රැසක් එක්කර තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya