පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

    ආහාර අර්බුදයට පිළියමක් -බස්නාහිර ගෙවතු 34,000 ක් වගා කෙරේ

    ජූනි 12, 2022

     පළාත් සභාවට අයත් ප්‍රයෝජනයට නොගත් ඉඩම් වගා කිරීමටත් සැලසුම්.
     පළාතේ සියලු විහාරස්ථාන ආශ්‍රිතවත් වගා ව්‍යාපෘතියක්.
     බස්නාහිර පුරන් කුඹුරු අස්වැද්දීමත් යළි ඇරඹේ.

    ඉදිරියේ දි ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසදුමක් ලෙස බස්නාහිර පළාතේ මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් වගා කිරිමට යයි. ඒ සදහා මාස තුනක ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කෙරේ. මේ
    යටතේ බස්නාහිර පළාතේ ගෙවතු 34,000 ක් පළාත් සභාවට අයත් මෙතෙක් ප්‍රයෝජනයට නොගත් සියලු ඉඩම් හා පුරන් කුඹුරු අස්වැද්දවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට නාගරික සංවර්ධන හා
    නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ රැස්වීමක දී තීරණය කෙරිණි.


    මෙම රැස්වීම පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ උපදෙස් පරිදියි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දි මෙම රැස්වීම පැවැත්විණි.
    බස්නාහිර පළාතේ ගෙවතු 34,000 ක් වගා කිරිමේ ව්‍යාපෘතිය සදහා බීජ හා පොහොර ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා මෙහි දි බළධාරින්ට උපදෙස් දුන්නේය. මෙම ගෙවතු වගා
    වැඩසටහන පළාත පුරා විසිරී සිටින කෘෂිකර්ම උපදේශකවරුන් මගින් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව එක් කෘෂිකර්ම උපදේශකවරයෙකු යටතේ ගෙවතු 300 ක් වගා කෙරේ.

    බස්නාහිර පළාත් සභාවට අයත් සියලුම රාජ්‍ය ආයතන මගින් ද විශේෂ වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට මෙහි දි තීරණය කෙරිණ. ඒ අනුව කෙටිකාලීන බෝග මෙම රාජ්‍ය ආයතන සතු ඉඩම්වල වගා කිරිමට නියමිතයි. පළාතේ සියලුම ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතව ද මෙම වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. පළාත් ග්‍රාම සංවර්ධන අංශය හා පළාත් ඉඩම් දෙපාර්තුමේන්තුව සතු රජයේ ඉඩම් හා ජනපද ආශ්‍රිතව ද මෙම වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට මෙහි දි තීරණය කෙරිණි.

    බස්නාහිර පළාත් පුරන් කුඹුරු අස්වැද්දවීමේ වැඩසටහන යළි ආරම්භ කෙරේ. ඒ සදහා හදුනාගත් පුරන් කුඹුරු ආශ්‍රිත ප්‍රදේශවල ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරිමට ද මෙහි දි තීරණය කෙරිණ. බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ නිළධාරින් මෙහි දි කියා සිටියේ මාස තුන හමාරකින් අස්වනු ලැබෙන වී මෙම කුඹුරු ආශ්‍රිතව වගා කළ හැකි බවයි. ඒ සදහා කඩිනම් පියවර ගන්නා ලෙස ඇමතිවරයා මෙහිදි උපදෙස් දුන්නේය.

    බස්නාහිර පළාතේ සත්ව නිෂ්පාදන ඉහළ නැංවීම සදහා ඉදිරි මාස 03 ක කාලය තූළ විශේෂ අවධානය යොමු කිරීමට ද සාකච්ඡාවේ දි තිරණය කෙරිණ. ඒ අනුව කිකිළි පැටවුන් 15,000 ක් අඩු ආදායම්ලාභීන්ට ලබා දීමට පියවර ගැනේ. පළාතේ බිත්තර නිෂ්පාදන ඉහළ නැංවීම මෙහි අරමුණයි. නාගරික ප්‍රදේශවල අවශ්‍යතාව හදුනාගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් සභා නිළධාරින්ට මෙහි ද උපදෙස් දුන්නේය.

    බස්නාහිර පළාතේ මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරිම සදහා විශේෂ මෙහෙයුම් කමිටු 03 ක් ද ක්‍රියාත්මකයි. ප්‍රධාන මෙහෙයුම් කමිටුව ක්‍රියාත්මක වන්නේ බස්නාහිර ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා යටතේයි. දිස්ත්‍රික් මෙහෙයුම් කමිටු ඒ ඒ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරුන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මකයි.

    මෙම සාකච්ඡාව සදහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර, හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක, දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මේජර් ප්‍රදීප් උදුගොඩ, සහන් ප්‍රදීප්, සංජීව එදිරිමාන්න යන මහත්වරුන් සහභාගි වුහ. ඊට අමතරව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග ඇතුළු නිළධාරීන් පිරිසක් මේ සදහා සහභාගි වුහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya