පවතින අභියෝගකාරී ආර්ථික වටපිටාව තුළ හෙට දවස වෙනුවෙන් කෘෂි නිෂ්පාදන ජනතාව වෙත ළගාකරවීමේ අරමුණින් යුක්තව, මැදරට තුල කෘෂිකර්ම නවෝදයක් වෙනුවෙන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර කෘෂි නවෝදය වැඩසටහන යටතේ දුම්බර කෘෂි සංචාරක සංස්කෘතික ගම්මාන ව්‍යාපෘතියේ මුලික සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී (30) පැවැත්විය.
පසුගිය කාලය තුලදී සිතුවම් රටා නිර්මාණය කරමින් නගර අලංකරණ කටයුතු සිදුකළ තරුණ තරුණියන් සදහා මෙහිදි ප්‍රමුඛ අවධානය යොමු කර ඇති අතර, තරුණ පරපුර යොදාගනිමින් කාර්යක්ෂම වු කෘෂිකර්මයක් වෙනුවෙන් මෙම වැඩසටහන දියත් කර ඇත. මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන සදහා පළාත් රාජ්‍ය ආයතන අත්වැල් බැදගෙන ඇත අතර , පළාත් අමාත්‍යාංශයන් මගින් අවශ්‍ය මගපෙන්වීම සිදුකරනු ලබයි. මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ අතීතයේ පැවති සෞභාග්‍යමත් දේශය නැවත උදාකරලීම උදෙසා දේශීය කෘෂිකර්මය ඉහල නැංවීම සිදුකිරීම අනිවාර්ය බවත්, ඒ සදහා තරුණ ජවයක් එක් කර ගැනීමත්, ආකල්ප සංවර්ධනයත් තාක්ෂණය හා අත්වැල් බැදගත් කෘෂිකාර්මික ක්‍රමයක් ස්ථාපති කළ යුතුව පවතින බවත් ය.
මෙම සාකච්ඡාව සදහා කුණ්ඩසාලේ ප්‍රාදේශිය සභාවේ සභාපති රංජන අක්මීමන , පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්වරුන් ඇතුලු පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරින් ද, තරුණ තරුණියන් පිරිසක් ද එක් ව සිටියේය.